♥ INTRO ♥

185 16 30
                                    


මෙම කතාව මා විසින් නිර්මාණය කරන ලද්දකි .මෙහි එන නම් ගම් ස්ථාන මෙන්ම පාසල් කිසිසේත්ම මෙහි ඇති කතා අන්තර්ගතයේ කිසිදු සිදුවීමකට සෘජුව හෝ වක්‍රාකාරයෙන් හෝ  සම්බන්ධ නොවේ . මාගේ ස්ව නිර්මාණයක් ලෙසින් මා මෙය මෙහි ඵල කර සිටිමි ..!!

( මන : කල්පිත කතාවකි )




KABADDI LOVE
( GL STORY )
2016 - 2023

____________ | ♥ | ______________

ඉන්දියාවේ පැවැත්වෙන අන්තර්ජාතික පාසල් කබඩි තරගාවලියකට ලංකාවෙන් සහභාගී වෙන හෝලී කබඩි ටීම් එකේ ඉන්න දක්ශ ක්‍රීඩිකාවක් වුනු ශැඩෝට අවසන් මහා තරගයක් අතරතුර අහම්බෙන් වගේ මුණගැහෙන ඇගේ සංසාරගත සමරිසි ප්‍රේමය ...| ♥

| අසම්මත පෙම් කතාවක් | _______________________________

( LGBTQ+ LOVE STORY )

කතාව හැදින්වීම !!
( Story Intro )
______________

මෙම කතාව මෙහි සිටින මාන්‍යාගේ අතින් ලියවෙන අතර ඇයද මෙම කතාවේ සිටින ප්‍රධාන චරිතයක් වේ . කතාව අතීතයත් වර්තමානයත් එක්කරමින් ලියවෙන අතර 2016 අතීතයත් 2024 වර්තමානයත් එක්කරමින් මෙම ආදර කතාව ඉදිරියට ආදරය , විරහව , මිත්‍රත්වය හා සබැදිව බාධක මැදින් ගලාගෙන යයි ...|

               [  2016 වසර  ]

හෝලී ගර්ල්ස් ස්කූල් එකේ කබඩි ටීම් එක කිව්වම මේ දවස්වල හැමෝම දන්න කණ්ඩායමක් .

මේ දවස්වල ටීවි එකේ නිතරම වගේ පෙන්නන කබඩි තරගාවලියක හරි හරියට දස්කම් දක්වන පොඩි කෙල්ලෝ සෙට් එකක් ඉන්නවා . ඒ තමයි හෝලී ගර්ස් ස්කූල් එකේ 19 න් පහල කාන්තා කබඩි කණ්ඩායම . ලංකාවේ කබඩි වලට ලොකු ප්‍රචාරණ අනුග්‍රාහකත්වයක් නොලැබුනත් මේ අවුරුද්දේ ජනවාරි පටන්ගත්තු " South Asia School Kabaddi Tournament " එක හිතුවටත් වඩා ලංකාවේ ජනප්‍රිය උනේ පලාත් තරග වලින් හිතුවටත් වඩා දස්කම් අතරට ගිය හෝලී ගර්ල්ස් එකේ අපේ කෙල්ලෝ සෙට් එක හින්දමයි .

පිට පිට තරග ලිස්ට් එකේ අනිත් රටවල්වල කණ්ඩායම් පරාජය කරමින් වේගයෙන් ඉදිරියට ආපු අපේ කොල්ලෝ වගේ හයිය තියෙන දගකාර කෙල්ලෝ සෙට් එකට ලංකාවේ හැම මාධ්‍යකින්ම වගේ නිකන්ම ප්‍රචාරණ අනුග්‍රාහකත්වයක් ලැබුනේ ඔවුන්ට ලංකාවේ හැම ක්‍රීඩාලෝලීයෙක්ගෙන්ම වගේ ආදරේ කරද්දී .

KABADDI LOVE ( GL - Ongoing )Where stories live. Discover now