EPISODE - 01

139 15 19
                                    

❄️ KABADDI LOVE ❄️

( මන : කල්පිත නිර්මාණයක් )

First Episode
_______________ ♥ ________________

වර්තමානය
_____________

දීර්ඝ වූ වෙහෙසකර දින ගාණනාවකින් අනතුරුව ලැබුනු කෙටි විරාමයත් සමග මාන්‍යා ඒ විරාමයත් තම ආදරණීයයා වෙනුවෙන් වෙන්කරන්නට සිතා උදෙන්ම ලෑස්ති උනේ පැය භාගෙන් හැව්ලොක් සිටි එකට එන පොරොන්දුව පිටයි . තවත් තෙමසක් ගෙවෙන දිනයේ උදාවන තමාගේ ජීවිතයේ සුන්දරම දිනය ගැන හීන දකිමින් මාන්‍යා වොශ් එකක් දාගෙන ඇවිත් හිතට දැනෙන ප්‍රබෝධමත් හැගීමත් එක්ක විනාඩි පහෙන් ලෑස්තිවෙලා නාරාහේන්පිට නිවසින් පිටත්වුනේ නිවසේ සිටින එකම සාමාජිකයා වූ ඇනීට තමන් හවස ප්‍රමාද වී එන බව කල්තියාම පවසමින් .

" Coffee are you ready ..?.."

දුරකථනය ගෙන ඇමතුම් ගොනුවේ ඉහලින්ම ඇති අංකයට කෙටි පණිවිඩයක් තබමින් මාන්‍යා කා එක බේස්ලයින් පාරට දැම්මේ ඇය ආසම සිංදුවක තනුවක් සියුම් හඩින් මුමුනමින් .

එක් මසක් පුරා තම කාලය , ශ්‍රමය හා රැය දහවල කැපකරමින් මාන්‍යා එක් දෙයක් වෙනුවෙන් පෙරමග නිර්මාණය කරමින් කාලය ගතකරන්නට උනා . ඇගේ ජීවිතයේ සමීපමතයෙකුගේ සුන්දරම දිනයක් ඒ පුද්ගලයාගේ ජීවිතයේ නොමැකෙන මතකයක් කර තිලිණ කිරීම මාන්‍යාගේ එකම ආසාව උනා . එය තම හුස්ම සම ලයාන්විතයාට පවා රහසක්ව තබාගනිමින් ඇය සූදානම් කරමින් සිටියේ කුමක්ද යන වග සැබෑවටම දැන සිටි යම් අයෙක් වේනම් ඒ
" මාන්‍යා දිගැසි ආරියවංශ " ම පමණි .

මේසය මත රැදි මාන්‍යාගේ අත්ලට හුරුපුරුදු ස්පර්ශයත් එක්ක කලවම් වෙච්ච ඒ සීතල එක්වරම දැනෙද්දී ඇගේ මුවට නැගුනේ ආදරණීය සිනහවක් .

"....කො...ෆී.... "

සිනහව මොහොතකට හංගගෙන නොරිස්සුම් ස්වරයෙන් මාන්‍යාගේ මුවින් ඉදිරි අසුනට බරවුනු ඇගේ නම කියවුනත් හැව්ලොක් සිටි මෝල් එකේ සිව්වැනි මහලේ ෆුඩ්කෝට් එකටවෙලා මාන්‍යා විනාඩි විස්සක් පමණ බලාසිටියේ ඇගේ පැමිණීම උදෙසාම නොවේද ...!

"... ගොඩක් වෙලාද බේබි ඇවිත් ඔයා ..."

"... ටෙන් මිනිට්ස් ඔයා අද ලේට් කොෆී ..."

KABADDI LOVE ( GL - Ongoing )Where stories live. Discover now