Chapter 13

988 157 65
                                    

මහ පාන්දර වෙනකල්ම නෙටිෆ්ලික්ස් එකේ ටීවි සීරියස් එකක් බලලා උදේ ටිකක් ඇහැ පියවගත්තා විතරයි දහය වෙද්දි සැන්ටා මට ටවුන් යන්න ලෑස්ති වෙන්න කිව්වා කියලා බින්දුවා හතේ ඉදන් විනාඩි පහෙන් පහට දොර ගාවට ඇවිල්ලා හැමිනෙන්න ගත්තා. කොහොම හරි නවය හමාර වෙද්දි බොහොම අමාරුවෙන් ඇස් ඇරගෙන ගිහින් වොශ් එකක් දාගෙන බින්දුවා කාමරේට ගෙනල්ලා දුන්න කිරි එකත් හිස් කරලා අම්මි ගිය සැරේ ක්‍රිස්මස් එකට අරන් දුන්නු කලු පාට ශෝටට කහ පාට බැගී ටී ශර්ට් එකක් ඇඳලා වොච් එකයි ශූ දෙකයි දාගෙන හෙයා බන් එකට නිවාඩුවක් දීලා කොන්ඩෙ සයිඩ් එකට පීරලා නෝමල් විදිහට කඩා දාලා දහය වෙද්දි මම ලෑස්ති වුනා.. කොන්ඩේ මම ලේයර් කරලා තියෙන නිසා බන් එක ලිහපුවාම ඒ ලේයර්ස් මූනට වැටෙද්දි අපේ අම්මිගෙ හැන්ඩි පුතාගෙ හැන්ඩ්සම් ලුක් එක සෝ ලුකින් ලයික වාව්. වාව් වාව් වාව්. සුවඳ ගහන්න පර්ෆියුම් එකෙනුත් චුට්ටක් එහෙන් මෙහෙන් හලාගෙන මම දහයයි පහට මගෙ කාමරෙන් එලියට ආවා. අන්කල්ගෙ ප්‍රින්සස් නිසා යනවා මිසක් සැන්ටාගෙ වැඩකට එහෙම නම් මම අද කාමරෙන් එලියට එන්නෙත් නෑ.

මම සාලෙට යද්දි සැන්ටා ලෑස්ති වෙලා හායි ගාලා අත පය හතර දිගෑරගෙන වාඩි වෙලා ෆෝන් එක කොටනවා. කලු පාට ශර්ට් එකක් ඇඳලා අත් වැලමිට ගාවට නවලා බට්න් දෙක තුනක් ඇරගෙන අක්කරයක වපසරියකින් යුක්ත සුදු පපුව මහජන ප්‍රදර්ශනයට විවෘත කරගෙන හිටපු සැන්ටා කොච්චර ෆෝන් එකට ඇලිලාද හිටියෙ කියනව නම් එතනට ආව මාව දැක්කෙත් නෑ. ගෑනු ටෝක් කරනවද කොහෙද දෙන්ඩ තියෙන්නෙ ෆෝන් එකෙන්ම ඔලුවට දෙකක්.

" අහම්ම්..."

" ආ සිතුව-"

මම උගුර පාදද්දි සැන්ටා ෆෝන් එකෙන් ඇස් අරගෙන මන් දිහා සාමාන්‍ය විදිහට බලලා ආපහු ෆෝන් එක දිහා බලාගන්න ගිහිල්ලත් ආයෙම ඇස් දෙක ලොකු කරගෙන යකෙක් දිහා බලනවා වගේ මන් දිහා බලලා පිටට පනින්න ගිය මගෙ නමත් ආපස්සට ගිල ගත්තා. ඇයි එ බය වෙලා සැන්ටෝ.... මන් ඇඳුම කනපිටවත් ඇඳලද... ම්ම් නෑ නෑ මේ තියෙන්නෙ දෙකම හොඳ පිට ඇඳලා.

" යං"

" සිතුවම් ඕකද ඇඳගෙන යන්නෙ?"

" ඔව්. ඇයි?"

සමමිතික සිත්තම් (ongoing)Where stories live. Discover now