ලස්සනට හඳ පායපු රාත්‍රියක ටිකක් පාලු පාරක මෝටර් රථයක් මධ්‍ය වේගයෙන් chang mai නගරයේ සිට Bangkok නගරයේ බලා ධාවනය වුණා.නමුත් මේ මෝටර් රථය තුල නම් පාළුවක් තිබුණෙ නෑ.මෙම මෝටර් රථයේ රියදුරු උනේ මුළු තායිලන්තේ ආර්ථිකයෙන් සියයට දොළහකට තම දායකත්වය සපයන C group හී සභාපති Shivan Chittsawangdee.ඔවුන්ට කොතරම් රියදුරන් සිටියත් පවුලේ ගමන් සඳහා රථය ධාවනය කරෙ ඔහුමයි. ඔහු ලෝකෙට කොතරම් දරදඬු ,සාර්ථක businessman කෙනෙක් වුණත් තමන්ගේ බිරිඳට ආදරණීය සැමියෙක් වගේම තම පුතුට ආදරණීය පියෙක් වුණා. Shivan Chittsawangdee වගේම එයාගේ බිරිඳ Yui Chittsawangdee ත් බැඳපු දවසේ ඉඳලාම අනිත් සල්ලි තියන්න පවුල්වලින් වෙනස්ව එකිනෙකාට ආදරෙන් ජීවත් වන ආදරණීය යුවලක් වුණා. ඔවුන්ගෙ පුන්චි ලෝකෙට Ohm අවහාම ඒ ලෝකෙ තවත් ලස්සන වුණා.
"අම්මේ මම ගහපු goal එක දැක්කද මම හොඳට සෙල්ලම් කළා නේ."පුංචි Ohm එයාගේ අම්මගෙන් දැන් මේ කතාව අහන්නේ සිය වෙනි පාරට විතර."ඔව්, මගේ පුතා දක්ෂයිනේ" Ohm ගේ අම්මත් එයා ඒ ප්රශ්නය අහන අහන සැරේට උත්තර දුන්නේ තමාගේ පුතා ගැන නිහතමානීව ආඩම්බර වෙමින්."කෝ අනේ සතුට සමරන්න පුතාට මොනවද ඕනේ කියලා තාම තාත්තට කිව්වෙ නෑනෙ." Mr. Chittsawangdee ත් කිව්වේ අම්මගෙ පුතාගෙ කතාවට සම්බන්ධ වෙමින්. "මටත් සෙල්ලම් කරන්න මල්ලියෙක් ඕන. Chimon ටයි Perth ටයි දෙන්නටම ඉන්නවනේ."මේක අහපු Shivan යි yui යි මූණෙන් මූණ බලාගත්තේ උත්තර රහිතව. "ඒක නං ඉතිං ඔයාගේ අම්මගෙන් තමයි අහන්න ඕනේ පුතා." Mr. Chittsawangdee කිව්වේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින්. Shivan ට රවපු Yui, Ohm දිහාවට හැරුණේ Ohmව ෂේප් කරගන්න. "බලන්න පැටියෝ දැන් මල්ලි බබෙක් ගෙනාවොත් එහෙම ඔයා නිකම්ම ලොකු අයියා වෙන හින්දා මටයි තාත්තටයි ඉතින් මල්ලි බබා ගැන තමයි වැඩිපුර බලන්න වෙන්නේ ඔයා ඒකට කැමතිද නැත්තං තනි බබා වෙන
එක ඊට වඩා හොඳ නැද්ද ආ..." "එකත් ඇත්ත තමා. එහෙනම් මට ඕන්නෑ මල්ලි බබෙක්. තාත්තේ එහෙනම් මට අලුත් football shoes දෙකක් අරගෙන දෙන්න හරිද?"කාත් එක්කවත් අම්මගේ තාත්තගේ ආදරය බෙදා ගන්න අකමැති පුංචි Ohm කිව්වේ Yura ගේ ගැටේට අහු වෙන ගමන්.
"කපටිම නෑ ඉතිං" Shivan කිව්වේ Yui ට විතරක් ඇහෙන්න. ඊට පස්සේ දෙනම දෙන්නම හයියෙන් හිනා උනේ පුංචි Ohm ප්‍රශ්නාර්ථයකින් බලාගෙන ඉන්න අතරේ. "හරි මගෙ පැටියට මං හෙටම shoes දෙයක් අරන් දෙන්නම්කො" Shivan කිව්වේ කතාව වෙන පැත්තකට හරවමින්.
අද Ohm ගේ පළවෙනි soccer game එක.
YOU ARE READING
ACCIDENT(Sinhala Fanfiction)- NanonOhm version
Fanfiction⚠️️අවවාදයයි⚠️️....... අනතුරක් තවත් අනතුරු විශාල ප්‍රමාණයකට මග පැදීය හැකී........ Only Fanfiction