At Police Station
Ohm POV.
අනේ මන්ද මේ මොන හෙන ගෙඩියක් පාත් වුනාද කියලා..... අපේ පොඩි එකා මිනී මරන්න. මිනී මරන්න තියා මූ මදුරුවෙක් වත් මරන්නෙ නෑ. අම්මත් එහෙන් මේක අහලා faint වුණා. ඒ නිසා එයාව Ms.Kim එක්ක ගෙදර නවත්තලා. මයි, Perth යි, Sun තාත්තා යි ගියා පොලිස් කාර් එක පස්සෙම පොලිසියට. Rune අංකල්ටත් එන්න කිව්වා
🍁: Inspector Lim.... මේ අහන්න මගෙ පොඩි පුතා අහිංසක දරුවෙක් එයාට මේ වගේ වැඩක් කරන්න තියා හිතා ගන්නවත් බැහැ.
👮️: Mr. Sun.... කලබල වෙන්න එපා සාක්ෂි කිහිපයක් තියෙන නිසයි අපි ඔයාගේ පුතාව arrest කළේ .ඒව ටිකක් නිරාකරණය කර ගත්තොත් එයාට දැම්මම ගෙදර යන්න පුළුවන්. කරුණාකරලා අපිට සහයෝගය දෙන්න. තාම පාසල් යන ළමයෙක් නිසා අපි මෙයාව මෙතන තියාගෙනගම ප්රශ්න කරන්නත් එතකොට හරිනේ....
🍁:හරි.... එහෙම හොඳයි.
👮️:මං අමුතුවෙන් සිද්ධිය කියන්න ඕන නැහැනේ..... පෙරේදා හවස GMM පෞද්ගලික පාසලේ ඒ කියන්නේ ඔයාලගේ පුතා යන ඉස්කෝලේ පිරිමි ළමයින්ගේ Locker room එකේදි මෙම Mia කියන දැරිය, දරුණු තුවාල සහිතව සීමූරජා තත්ත්වයේ සිටිය දී , රාත්රී රාජකාරීයේ යෙදී සිටි මුරකාර මහත්මයාට තමයි හම්බවෙලා තියෙන්නේ.
අපි ගාව CCTV Footage තියෙනවා Gemini එක නිසා මං ඔයාගෙන් මුල ඉඳලා ප්රශ්න කරන්නයන්නේ නැහැ එදා හවස Basketball ප්රැක්ටිස් වලින් පස්සේ සිද්ධවෙච්ච සියලුම දේවල් අකුරක් නෑරම කියන්න. මොනවා හරි හංගන්න හැදුවොත් ඒකෙන් අවාසි වෙන්නෙත් ඔයාටමයි.
Inspector Lim කිව්වෙ දැඩි ස්වරයකින්.
♊: මම...මම... එයාට මොකුත් කරේ නැහැ..
👮️:දරුවෝ... කවුරුත් ඔය කාටවත් මොනවත් කරා කියලා කියන්නේ නැහැ. මෙක සැකයක් විතරයි. සරලව එදා මොකද උනේ කියල කියන්න.
ඉවර Inspector Lim, Gemini ට මෘදු ස්වරයෙන් කතා කලා.
♊: හොඳයි...එදා බාස්කට් බෝල් court එකේදී මම senior අයියා කෙනෙක් එක්ක රණ්ඩුවක් දා ගත්තා. ඒ නිසා punishment එකක් විදියට මට තනියම Basketball court එක ක්ලීන් කරන්න වුණා.
YOU ARE READING
ACCIDENT(Sinhala Fanfiction)- NanonOhm version
Fanfiction⚠️️අවවාදයයි⚠️️....... අනතුරක් තවත් අනතුරු විශාල ප්රමාණයකට මග පැදීය හැකී........ Only Fanfiction