යශේන් Pov :
මන් දැක්කා මූනටමූන හම්බුනු ඒ මීට කලින් නොදැකපු ඒ මූන......
ඒ බෝල රෝස කම්මුල් !
ඒ අදුරු දුඹුරු ඇස්ඒ ඇස් ගැස්සුන් නෑ කිව්වොත් බොරු.....ඒ ඇස් ගැස්සුනා.... හැබැයි තත්පරයකට තත්පරය දෙකකට අඩු කාලයක් වත් මම ඒ දුඹුරු ඇස් දිහා බලන්නවත් මහන්සි උනෙ නැ.... කාර් එකෙන් බැස්ස අමුත්තව පාස් කරගෙනම මම ආවා.... ... . මට තේරුනා නිම්නයාත් බර අඩි තිය තිය පස්සෙන් ඇවිදන් එනවා කියලා.....
නිම්නයා එක්කම එක බයික් එකෙ නැගලා..කෙලින්ම පන්සලට වෙලාවට කලාවට පන්සලෙ වාහනෙන් හාමුදුරුවෝ වඩම්මන් ගේට්ටුවෙන් වාහනෙ ඇතුලට දානවත් එක්කම බණ පද එක්ක ඇහුනු ගෝෂාව නතර වෙලා ගියා.... මුලු ගෙදර ම හිටිය මිනිස්සුන්ගෙන් වයසක කට්ටියම ඇතුලට යද්දි....තවත් සමහරු හට් අස්සෙ.... තවත් සමහරු කුස්සියෙ.... ඔය මොකටවත් නැති අය...පිටිපස්සට ගිහින් කතාවක....
සුදු පාට ලයිට් එලියට මුලු සාලෙම එලිය වෙලා ගිහින්... හිරිකඩක් එහෙන් මෙහෙන් ඇදෙද්දි.... නිම්නයා එක්කම එක පැත්තකින් අපි හැමෝම වාඩි උනා...තනිකරම සුදු පාටින්.... පොඩි හාමුදුරුවෝ බණ කියනවා.... සාලේ මැදින් එන හදුන්කූරු සුවදට මම ඉව ඇල්ලුවා ...
බණ ඉවර වෙනවත් එක්කම පොඩි හාමුදුරුවෝ ආයි...පන්සලට වැඩම කරා... අහු මුලු වල පවා ඉන්න මිනිස්සු ඔක්කොම දැන්නම් පෝලිමට එයි....නිම්නයාවත් ඉස්සර කරගෙනම අපි කුස්සියට එබුනා.... කුස්සිය ලග බංකුවක අවීශා කාත් එක්ක ද මන්දා ලොකු කතාවක.... හොදට බැලුවොත් ඒ!!!
දුබුරු පාට ඇස්! මාස්ක් එකක් දාගෙන ... ඇස් වලින් කියන්න පුළුවන් ඌ හිනාවෙනවා කියලා... එත් එක බංකුවෙ උටයි අපේ එකීටයි මොනාද කතා කරන්න තියෙන්නෙ? ඒකත් හිනාවෙවී???
කුස්සියෙ රතු පොලොව පුරාම ලොකු ලොකු බකට්.... පරිප්පු....ඩෙවල් දාලා හැදුව මාලු...එලවලු වගෙ ම සුදුබත්..බෝංචි...කට්ලට් පපඩම්....අල.... පොලොස් අඹ.....පේලියට තියලා එව්වාගෙ පොඩි පොඩි බකට් වලට එලවලු අරන් යනවා...මන් හිතන්නෙ දැනටමත් පෝලිම ගහලා වගෙ
" අවීශා ! තමුසෙ මොකද මෙතන කරන්නෙ ?"
කම්මුලකට ඇතුලු පැත්තෙන් අනින ගමන් අහද්දි කෙල්ල ගැස්සුනා.....
YOU ARE READING
පූර්ව 🌛 > °°> [ taekook ]
Non-Fictionඑයා වෙනස් කොල්ලෙක් හිත හයියෙන් අල්ලන් ඇදලා තියාගන්න හදවත් අස්සෙ ගැහෙන හැගීම් අදුනාගන්න හැබැයි , දැනගෙනත් නොදැන වගෙ රගපාන්න........ ඉතිම් මට හම්බුනු හොදම හමුවීම එයා...... එයා යශේන් අපූර්ව ❤ Cover by @lochi_jeon