විවාහයට දින ගණන එකින් එක අඩු වන තරමට සමාන්තරව නේත්‍රට අදීරාගෙන් ලැබෙන ඇමතුම් සංඛයාව ඉහළ ගියේය. ඇය විටෙක මල් පොකුරේ අවශ්‍ය මල් වර්ග නුවරඑලියට ඇද වැටෙන වැසි හේතුවෙන් නොමැති වීම පිලිබඳව කන් කෙඳිරි ගාන්නීය.... දෙවෙනි මනාලියන්ගේ හිසේ පැළඳනා වල ප්‍රමාණය විමසන්නීය... මල් කුමර කුමරියන් පාලනය කරන්නේ කෙසේදැයි තැවෙන්නීය...මේස සැරසුම් වල පැහැය නිවැරදිදැයි විමසන්නීය... ඇරයුම් පතේ සැරසිල්ල සුන්දරදැයි සිතන්නීය... ජයමංගල ගාථා ගයන දැරියන්ට ලබා දෙන ත්‍යාග ගැන අසන්නීය.
සියළු රාජකාරී මධ්‍යයේ නේත්‍ර මේ සියල්ල හැකි අයුරින් අසා සිටියේය . දෙවෙනි ගමනේ සියළු කාර්යන් අක්කා අදීරාගේද අදහස් විමසමින් ඉමහත් වගකීමෙන් ඉටු කරන නිසාවෙන් ඔහුට කිරීමට තිබුනේ එදිනට අවශ්‍ය ඇඳුමට මිනුම් ලබා දීම පමණයි.
පෙරදා රාත්‍රී වැඩ මුරයක් යෙදී තිබුණු අදීරාට එදා හැඩ ගැන්වීමේ පෙරහුරුවක් සහ දෙවෙනි මනාලියන්ගේ පාවහන් තේරීම සඳහා යාමට නියමිතය. රාජකාරී හමුවන් කිහිපයක්ම යෙදී තිබුණු නිසාවෙන් නේත්‍රට එය අතරමග ඇය ලබා දුන් ඇමතුම් මග හැරුණි. සියළු කාර්යන් අවසන ඔහු ඇයව ඇමතුවේය.
"ආදී,මොකද වෙන්නේ?"
" වැඩේ නම් ඉවරයි " ඇගේ විඩාව නේත්‍රට ස්වරයෙන්ම දැනිනි." දැන් ගෙදර යන්න හදන්නේ "
" ඔයාට මහන්සියි නේද?"
" ටිකක් විතර,ඊයේ නයිට් නේ"
" ඒක තමයි.ඩ්‍රයිව් කරන්න පුළුවන්ද?. මං ඔයාව ගන්නද?"
" එපා. අක්කා කොහොමටත් කාර් එක අරන් ගියා.මං ඌබර් එකක් දාන්නම්."
" අක්කා කොහේද කාර් එක අරන් ගියේ.? එයාගේ ඒකට මොකද වුනේ?"
" ඒක හදන්න දාල. ගිය සතියේ කන්නාඩිය වැදිල . "නේත්‍ර අත් ඔරලෝසුව බැලුවේය. හයට ආසන්නයි. අදීරා සිටින්නේ කොල්ලුපිටියේ.
" ඌබර් ඕන නැහැ. ඔයා ඔහොම ඉන්න, මං එන්නම් "
" එපා නේත්‍ර, ඔයා ගෙදර යන්න.ඔයාටත් මහන්සිනේ.."
" මට ඇති මහන්සියක් නැහැ. පණ්ඩිත වෙන්නේ නැතුව ඔහොම ඉන්නකෝ, මං එන්නම් "ඔහු පැය භාගයක් ඇතුලත ඇය සිටි ස්ථානයට ලඟා විය. වාහනය ඇය ඉදිරියේ නතර වන විටම ඒ මුහුණේ වෙහෙස නේත්‍රට නිරීක්ෂණය විය.
" අක්කා කොහේද ගියේ.?"
" අක්කට ඔෆිස් ඒකෙ පාටි එකක්. වාහනේ ඕනනේ රෑ වෙන නිසා."
" අක්කට යාලුවෙක්ට කියලා ඩ්‍රොප් කර ගන්න බැරිද ඔයාගේ වාහනේ අරන් ගියේ. "
ඔහුගේ නොරිස්සුම අදීරාට දැනින.
" කව්රුත් නැතුව ඇති "
" ඔහොම ඕන ඕන වෙලාවට වාහනේ අරන් යනවද? "
" හැමදාම එහෙම කරන්නේ නැහැ නේත්‍ර"
අදීරා පැවසුවේ ආසන පටිය තද කර ගන්නා ගමන්.
" ඔයාට මොනවා හරි බොන්න අරන් දෙන්නද.?චොක්ලට් මිල්ක් ෂේක් වගේ." ඇගේ විඩාව ඇය ප්‍රිය කරන චොක්ලට් රසයෙන් හෝ නිවේවිද.
" එපා නේත්‍ර මට ගෙදර යන්න ඕනේ. " සෙමින් පැවසු ඒ වදන් ඇසූ විටයි නේත්‍රට තේරුම් ගියේ ඇගේ විඩාවෙන් බහුතරයක් මානසික බව.යම් කිසි ගැටුමක් සිදුව ඇති බව ඔහුට අවබෝධ විය.
![](https://img.wattpad.com/cover/369133329-288-k994366.jpg)
BINABASA MO ANG
නේත්රාදීර ( Completed )
Fantasyආදරය උදෙසා.. ජීවිතය උදෙසා.. කාලයේ නීති බිඳ හෙලු යුවතියක්..