pt: 1 ; Let Me Sleep

312 31 18
                                    





PINKY PROMISE | tk ♡

actions louder than the words !! 🖤
__🥀__





















" කෝ බොස්.. ?? "

" කම්පැනි එකට ගිහින් එන්න ටිකක් පරක්කු උනා.. ඔය රෑටත් කන්න බෑ කියාගෙන රූම් එකට රිංග ගත්තෙ.. "

" මන් එයාගෙ ඩින' එක හදන්නද මිස්ටර් නම්ජුන්..?? "

" හොඳයි.. එයා දැනටමත් නිදිද දන්නෑ ඒත්.. "

" ම්ම්.. මන් බලන්නම් ඒ ගැන.. "

" මන් හිතන්නෙ ජංග්කුක් දන්නව අපේ ටේ බබා ඔහොම ඉන්න හේතුව.. "

" සමාවෙන්න බොස්.. මට විකල්පයක් තිබුණෙ නෑ එවලෙ.."

" ම්ම්.. එයා මේ මාස 3 පුරාවටම ඕවගේ.. ඇදිලා ගිහින්.. කරපු එකම දේ පිස්සෙක් වගේ උදෙන්ම කම්පැනි එකට දුවපු එකයි රෑ යාමෙ වෙනකන් ඉදලා ආපහු ඇවිත් නොකා නොබීම නිදියන එකයි.. "

" හ්ම්ම්..~ "

නම්ජුන් ලඟින් ඉද ගත්ත ජංග්කුක් ලොකු හුස්මක් පිට කරන ගමන් දනහිස් දෙකට වැලමිට තියලා බිමට හිස බර කර ගත්තා..

" ජංග්කුක් ගිහින් බලන්නකො.. තවත් පරක්කු නොකර.. "

" ම්ම්.. මන් බලන්නම්.. "

" මේ පාරනම් අමාරු වෙයි යාලු කර ගන්නහ්.. "

" හහ්..😂 මන් දන්නව..හ්.. එයා වෙලාවකට පොඩි ලමෙක් වගේ.. "

" ඕක ඇහෙන්න කිව්වනම් හොඳ දේශනාවක් අහ ගන්න තිබ්බාහ්.. "

" මන් දන්නව... බොස් මගෙ බෙල්ල ගලවයි.. "

" ඇයි ජංග්කුක් තාම බොස් කියන්නෙ.. "

" මාව අද මේ තත්වෙට එන්න හේතුව එයාහ්.. ඇරත් පුරුද්දට ගිහින්.. "

" ඔව් මට මතකයි සල්ලි වලට ඔලුව ඉදිමුණ කොල්ලා එකපාරටම යුනි කොල්ලෙක්ට financially help කරන්න පටන් ගත්ත විදිය !! එහෙම ලකී උන එකම කොල්ලා ඔයාහ්.. "

" මන් යුනි නවත්තන්න ඉද්දි එයා මට පුංචි පුංචි වැඩ දීලා ලොකුවට ගෙව්ව.. මන් නිකන් සල්ලි නොගන්න නිසාමයි එයා මට වැඩ දුන්නෙ.. වෙලාවකට චෙරි බ්ලූසම් ගහ ලඟට ඇවිත් එයා එක්ක පාඩම් කරනවටත් මට ගෙව්ව.. ඇහුවම කියන්නෙ තනියම පාඩම් කරන්න කම්මැලීලු.. හැබැයි යුනි එකම එයා එක්ක මැරෙන්න උනත් බලා ඉදියා.. ඒත් මාවම..~ එයාව සතේකට මායිම් නොකරපු මාවම..~ උඩගු කිසි කෙනෙක් එක්ක කතාවක් නැති nerd කෙනෙක්ට උදව් කලා.. එයා ඇතුළින් ගොඩක් හොඳ කෙනෙක්.. "

පොරොන්දු රකිනවද..?? 😌Where stories live. Discover now