1

527 28 5
                                    


තහනම් ආදරේ කවදාවත් වැරදි නෑ...රහසිගත හමුවීම් , සොරාගත් හාදු , ප්‍රසිද්ධියේ කතා කරන ඇස් , එක් වෙන්න බැරි බව දැන දැනත් ගතින් ස්පර්ශයක්වත් නැතුව සිතින් බැදෙන මනසින් එකතු වෙන අසීමාන්තික ප්‍රේම වෘත්තාන්ත ගැන මට තියෙන්නේ කියාගන්න බැරි තරම් ආශාවක්...

හැමෝම අත්විදින ආදරේට මන් කැමති නෑ... මන් කැමති කුතුහලය පිරුනු කතා වලට, අභියෝගාත්මක දේවල් වලට, අසීමාන්තික කැපකිරීම් කරලා ලබා ගන්න පොඩි හරි සතුටට , ඒ සතුට අස්සේ හැංගුන මතක වලට

මගේ පොතේ තවත් එක පිටුවක් සම්පූර්ණ කරලා පුටුවෙන් නැගිට්ටේ හරියටම බිත්ති ඔරලෝසුවේ අට වදිද්දී...අවුරුදු ගානක් ගිහිනුත් තාම මේ ගෙදර ඔරලෝසුව මාරු කරලා නැති එක ගැන මට ආවේ පුදුමයක්

ලංකාවට ඇවිත් තුන්වෙනි සතිය තාම ලියන්න පටන් ගත්තු පොතේ පිටු කීපයයි පුරවගත්තේ...

හදිස්සියේ සුළි සුලගක් වගේ කඩාගෙන පාත්වුනු වැස්ස නිසා උපන් සීතල නිසාම මන් පුටුව උඩ තිබුනු ටී ශර්ට් එක අතට ගත්තේ ඇදගන්න ..ඒත් එක පාරටම මුළු කාමරේ වගේම පලාතම අදුරු වෙලා ගියේ එලියේ මොරදීපු ලොකු ගිගුරුමකුත් එක්ක ..කරන්ට් ගියා නේද? මේවා ඉතින් ලංකාවේ අසාමාන්‍ය දේවල් නෙවෙයිනේ..අදින්න ගත්තු ටී ශර්ට් එක පුටුවට දාලා ඇද උඩ වාඩි උනේ කවුරුහරි කතා කරනකම්

ඒත් සීතල එන්න එන්නම වැඩියි... බැල්කනි එකේ දොර ඇරලද .. එක පාරටම නැවතුනු වැස්ස අතරින් මට ඇහුනේ හයියෙන් හුස්ම ගන්න හඩක් බැල්කනි එක ලග ..

සමහරවිට තුවාල උනු සතෙක් වෙන්න ඇති .. මිදුලේ තුබුනු අඹගහ ලගම මගේ කාමරේට.. ඒ නිසා ඕනම සතෙක්ට ලේසියෙන් මගේ බැල්කනි එකට එන්න පුළුවන් .. තවත් හිස් වුනු තත්පර ගානකින් ආයෙත් කරන්ට් එක ආවා..

බැල්කනි එක ලග පත්තු වුනු පොඩි කහ එළියට අමතරව කාමරේ ඇතුල එළිය වුනේ මගේ පොත් මේසේ ලග ලෑම්ප් එකෙන් විතරයි

තාමත් ඒ හුස්ම හඩ මට ඇහෙනවා..එලියට යනවද??  මේ වගේ වෙලාවක ඕනම දෙයක් වෙන්න පුළුවන් .. හුලගට එහා මෙහා යන තිර රෙදි අතරින් මන් දැක්කේ සිනිදු චායාවක්

විරුලාශ්Where stories live. Discover now