3

63 11 11
                                    

සෙලාශ් කියන්නේ වරුන්,විරුල්,අශ්වින්,සෘතීශ,නිර්වාන් වගේම අර හැමෝම කතා වෙන පාසලට ගියපු කෙනෙක්... නිර්වාන් ග්ලැඩියේටර්ස්ලගේ නායකයා වෙලා හිටපු කාලේ ටයිටන්ස්ලගේ නායකයා සෙලාශ් කියන්න කවුරුත් දන්නවා.. හැබැයි එතනින් එහාට සෙලාශ් ගැන මෙහෙමයි කියලා තොරතුරක් දන්නේ එයාගේ පවුලේ අය විතරක්ම වෙද්දී සෙලාශ් මුළු පාසලේම ප්‍රසිද්ධියට පත් වෙලා හිටියේ සීතල දරුණු  චරිතයක් විදිහට..

සෙලාශ්ගේ හැසීරීම, වචන දෙක තුනකට විතරක් සීමා වුනු කතා විලාශය, ගුරුවරුන්ට පවා නොදෙවෙනි වුනු අහංකාරකම වගේම සීතල බැල්ම නිසා පාසල පුරාවට එයා ගැන පැතිරුනු කටකතා කවදාවත් හොද වුනේ නෑ.. කවුරුත් ඒ දේවල් බොරු කියලා කිව්වෙත් නෑ සෙලාශ් නිර්දෝශී කියලත් ඔප්පු වෙලාත් නෑ.. පාසල ඇතුලෙම ඒ කට කතා පැතිරිලා කාලයත් එක්කම ඒවා යට වෙලා ගියා...

සෙලාශ් ගැන පිට කෙනෙක් විදිහට විස්තරයක් හරි හැටි දන්නවනම් ඒ විරුල් විතරයි.. ඒකත් විරුල් සෙලාශ් අතර තිබුනු රහසක්... මුලු ලෝකෙන්ම හැංගුනු බැදීමක්








කතාව පටන් ගත්තේ එක්තරා අකාරයක කටකතාවක් නිසා

" උඹලා දන්නවද අර අත ඇරලා දාපු පුස්තකාලේ හොල්මන් ඉන්නවලු "

" කවුද කියන්නේ ? "

" හැමෝම කියනවා... ඉස්සර ඕකේ හතර වෙනි තට්ටුවෙන් කෙල්ලෙක් පැනලා මැරුනලු... ඒ කෙල්ල තාම ඒකේ හොල්මන් කරන නිසාලු වහලා තියෙන්නේ "

" සිරාවට ? යමන්ද දවසක හොල්මන් බලන්න ඒකට "

" අනේ මේ උඹලා ඕන රෙද්දක් කරගනිම් මාව අල්ලගන් නැතුව... දැන් සති ගානක ඉදලා හවස හයෙන් පස්සේ ඒ පැත්තේ යන්න බැරිලු  හොල්මන් පියානෝ ගහනවලු "

ඉස්කෝලේ පිට්ටනියේ කොට්ටම්බා ගසක් පාමුල තුරුපත් අතර සෙවණකට වෙලා කොල්ලෝ කෙල්ලෝ වගයක් වට රවුමක් හැදිලා මේ හොල්මන් ගැන බර සාකච්චාවක්....

එකයි තිහ වෙන්න තව විනාඩි ගානක් තියෙද්දී පලවෙනි සීනුව නාද වෙද්දී එතන හිටිය හැමෝම ඉන්න තැන් වලින් නැගිට්ටේ පොත් බෑග් අතට ගන්න ගමන්

You've reached the end of published parts.

⏰ Last updated: 4 days ago ⏰

Add this story to your Library to get notified about new parts!

විරුලාශ්Where stories live. Discover now