2

224 15 9
                                    

මහනුවර නගරයෙන් ටිකක් ඈතට යනකොට ඒ කියන්නේ හන්තාන පැත්තට ලංවෙනකොට  මිනිස්සුගෙන් වෙන්වුනු අක්කර ගානක ලොකු ඉඩමක වික්ටෝරියානු ආරයට ඉදිකරපු පාසලක්..මේක නේවාසික පාසලක්

ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනය සමයේ ආරම්භ වුනු මේ නේවාසික පාසල දශක ගාණක් තිස්සේ පාලනය වුනේ උරුමයෙන් රැගෙන ආපු විදිහකට..පාසල් කාලේ ඉදලා වැඩිදුර අධ්‍යාපනය වෙනතෙක්ම මේකේ ඉගෙන ගන්න පුළුවන්

ලංකාවේ ප්‍රධාන පේලේ ප්‍රභූවරුන්ගේ, මැති ඇමතිවරුන්ගේ , ප්‍රසිද්ධ නළු නිළියන්ගේ ,ආණ්ඩුකාරවරුන්ගේ ආදී ඉහල පෙලේ පවුල්වල ළමයින් වෙනුවෙන්ම වෙන්වුනු මේ පාසල සමහරුන්ට තමන්ගේ හීන හැබෑ කරගන්න තැනක්..තවත් සමහරුන්ට හිරගෙයක් , ගෙවල්වල පාලනයෙන් ගිලිහුනු ළමයි පවුල්වලින් ඈත් කරලා තියාගන්න පුළුවන් තැනක් .ගෙවල්වලට හිරවුනු ළමයින් නිදහස භුක්ති විදින තැනක්.., ලංකාවේ අධ්‍යාපනයට වඩා වෙනස් වුනු අළුත් අත්දැකීමක් , තවත් සමහරුන්ට තමන්ගේ බලය පෙන්නන්න පුළුවන් තැනක් , දෙමාපියන්ගේ සල්ලි හිතේ හැටියට වියදම් කරගෙන තමන්ට උවමනා විදිහට ජීවිතය ගෙවන තැනක්.. සාමාන්‍ය මිනිස්සුන්ට යන්න හීන මවපු ඒත් කවදාවත් හැබෑ කරගන්න බැරි උනු තැනක්

අද වෙනකොට පාසලේ ගොඩක් දේවල් වෙනස් වෙලා තිබුනේ ඉගෙන ගන්න එන ළමයින්ගේ දෙමාපියන්ගේ බලයෙන් හා ධනයෙන්

පාසලේ වර්තමාන විදුහල්පති පත්වෙන්නෙත් එයාලගේ කැමැත්ත අනුව පවත්වන චන්දයකින්.. ගැහැනු පිරිමි වෙන් කරපු සුඛෝපභෝගී නේවාසිකාගාර, පිහිනුම් තටාක, ස්පෝර්ට් කල්බ්, රෙස්ටුරන්ට් , පිට්ටනි, වාහන මේ හැම දෙයක්ම කිසිම අඩුවක් නැතුව තිබුනු ළමයින්ට තමන්ගේ හිතේ හැටියට ඉන්න පුළුවන් අමුතුම තැනක්..

ඒත් 70 ගනන් වල ඉදලා පාසලේ වෙනස්වුනු නීති රීතී කීපයක් තියනවා..ඒ තමයි එච්චර කාලයක් තනි පාලනයක් යටතේ ආවත් ඒ කාලෙන් පස්සේ පාසල සම්පූර්ණ කොටස් දෙක්කට කැඩුනු එක ..හරියටම කිව්වොත් නිවාස දෙකකට.ඒක පටන් ගත්තේ ඒ කාලේ පාසලේ ඉදපු ප්‍රධාන , ප්‍රසිද්ධ පුද්ගලයන් දෙන්නෙක් නැත්නම් ශිශ්‍යයන් දෙන්නෙක් අතර ඇතිවුනු තරහක ප්‍රතිඵල විදිහට..

විරුලාශ්Where stories live. Discover now