20.බැඳීම

140 10 0
                                    

මධූසමයේ ඉතිරි දින කිහිපය ඇල්ල සහ ගාල්ල අතර ගෙවින.
ඇල්ලේ පූංචි ශ්‍රී පාදය එක්ව තරණය කල ඔව්න් බබරකන්ද ඇල්ලේ ඇද හැලෙන ජල දහරාවේ වාෂ්පයෙන් තෙමී ගියහ.දෙමෝදර රේල් පීල්ලේ අරුමය අත් විඳ දෙමෝදර ආරුක්කු නවයේ පීල්ල දිගේ අත් වැල් පටලා ඇවිද ගියහ.
ඒ සියළුම තැන් වලදී මතක පොතට නව අකුරු එක් රැස් විය.ඒ අකුරු නේත්‍රගේ අතීතය මතින් නව වර්ණ සංකලනය කරමින් අළුතින් කතාවක් සිතුවම් කරන්නට විය.

ඔහූ නොදත් මූත් ඇය ආදරයේ අකුරු කියැවුයේ ඔහුගෙනි. සරාගයද ඔහුගෙන්ම අත පොත් තැබීමට තරම් ඇය වාසනාවන්ත වුවාය.
ඔහු ඉවසීමෙන් සංයමයෙන් ඉගැන්වීය. ඇය උනන්දුවෙන් උගත්තීය.
කඳු මුදුන් වලින් වට වුනු නිසල සීතල රාත්‍රියේ ඔහුගේ සිරුරට සවන් දුන්නාය. එය සුසර කරන්නට පුහුණු වුවාය.ඇයගේ සිරුරේ සංගීත නාදයන් හඳුනා ගත්තාය. ඒ නාදයන් නේත්‍රට ඇසීමට සැලැස්වුවාය.ඒ සංගීතය ඔස්සේ ගමන් කිරීමට නේත්‍ර ඇයව උනන්දු කරවීය. මුලදී පසුබා ගිය මූත් ඒ සංගීතය ඔස්සේ ඉවෙන් එය තමන් රැගෙන යන මානයකට ඇදී යාමට ඇය සිරුර නිදහස් කලාය.

ඇගේ තනුව ඔහු පහසුවෙන්ම හඳුනා ගත මූත් ඔහුගේ තනුව හඳුනා ගැනීමට ඇයට යම් කිසි කාලයක් ගත විය. හඳුනා ගත් කල ඇය එය හදවතේ රඳවා ගත්තාය.

මේ සියල්ලටම ඉහලින් නේත්‍රව වශී කලේ ඇගේ සුරතලයයි. විවාහයට පෙර අදීරා නිසල චරිතයකි. මුළු ගැන්වුනු චරිතයකි.ඔහු සමීපයට ඒමට පවා පැකිලුනාය.
අදීරා බිරිඳක් ලෙසින් තනිකරම අරුමසියකි.
ඇයගේ සුරතලය ඔහුව මනමත් කරවයි.

ඔහුගේ උණුසුමේ දැවටෙමින්, වෙළෙමින් ප්‍රීතිමත්ව සිනා සෙමින් නිදහසේ හැසිරෙන මුතු කැටයකි...වශීකරනයකි.ඇය ඔහුගේ ඇකයේ රැඳී කොණ්ඩය අව්ල් කරයි.. කිති කවයි... සරාගය මැද පවා දඟ කම් පායි.. සිනාසෙයි..
මධූසමය හොරවෙන් හෝරාව ගෙවී යද්දී නේත්‍ර බිරිඳගෙන් ඇස් මුදා ගනු බැරි තත්වයකට පත් විය. නෙත් කොනින්.. යටැසින් හෙලනා බැලුම් ඔහුගේ හදවත නව යොවුන් තරුණයෙකුගේ මෙන් ගැහෙන්නට මග පාදයි.සුරතල් පාමින් සිරුරේ වෙලෙන විට කියා ගන්න බැරි හැන්ගුමින් සිත පිරෙයි.
ඇය උපරිමයෙන් විඳ ගත හැකි ගැහැනියක් බැව් ඔහුට යලි යලිත් සනාථ විය.
ඔහුත් නොදැනුවත්ව යම් කිසි නොපෙනෙන අන්තයකට ඇදී යන බවක් ඔහුටම වැටහිනි. එය සුන්දර චාරිකාවකි.විශ්වාසයෙන් ඇස් පියා ඇවිද යා හැක. ඇය හරි මග ඔහු කැන්දා ගෙන යනු ඇත.
ඉන් පසුව උදා වූ දින දෙක දකුණු දිග මුහුද අද්දර ගෙවවින.
වැල්ලේ දෙපා ගිලා බහිද්දී ආදීරා මුහුදට ඇගේ සතුට පැවසුවාය. වසර කිහිපයකට පෙරාතුව නේත්‍ර දුටු මුල් දිනයේදීත් ඇය මුහුදු රැලි ඇමතුවා අදීරාට මතකයේ ඇත. එදා සිටී රැලි අද නැති වුවත් ඒ මුහුදමය මේ.
දැහැනකට සම වැදුනාක් මෙන් මහ සයුර දෙස බලා ඉන්නා බිරිඳට නේත්‍ර බාදා කලේ නැත. ඇයට මුහුදේ උපදින රැලි නරඹමින් පැය ගණනක් වුවත් ගත කල හැකි බැව් ඔහු දනී.ඇය මුහුද සමගින් සංවාද පවත්වයි. ලුණු මිශ්‍ර සුළඟින් ආස්වාදයක්‌ ලබයි. එය වෙනම ආදර අන්දරයකි.

නේත්‍රාදීර ( Completed )Où les histoires vivent. Découvrez maintenant