23 වන පරිච්ඡේදය

906 142 67
                                    

නුඹට පානා හනික කෝපේ
නමට පමණා කරුම දීගේ
පිපිණු තිසරුන් මගදි දුටුවැයි
පැලුණු ඒ උකුල් නොදැක කොහොමැයි
පිරිමි ඔහොමයි මුගුර නරකයි
උකස් දුන් හෘදේ නුඹටා
ඇහැට ගැටෙනා තැනක මානේ
ගැහැණු අගුණා මෙමට කීවේ

ඇති හොඳටම බේගලේ ලොකු කෑදරේ
නොදන්නවා නොවේ
කෝ ඔය බොරු ආදරේ රෑ කාමරේ
ඉහ උඩ හෙලු මාලිගේ අන්තඃපුරේ
උඩැක්කියක් නොවේ
මා බිසවකි කඳුකරේ ඒ රජපෙලේ

ගැහැණු රවටා... ආහ්හ්හ්... අනේ අම්මේ කොන්ද... මන් රවට්ටපු ගැණියෙක් නැහැ මොන වදයක් ද මේ... අතලගේ මහත්තයාගේ ලතින් කංකාරිය කිය කිය බාතෲම් එකට වෙලා නාන ගමන් හිටිය මන් සබන් පෙන වලට ලෙස්සිලා බිම වැටුනේ අනු නවයයි දශම ගානෙන් කොමඩ් එක අයිනේ ඔලුව නොවැදි බේර ගනිද්දි... වැදුනා නම් එහෙම... දෙයියනේ කියලා පනුවාට ශාරධා කෙනෙක් නැති වෙලා යනවා...

හිතින් මට ම බැන ගන්න ගමන් කොන්දයි පස්සයි අත ගගා නැගිටපු මන් පාඩුවේ ම නැවේ... ආයේ ම වැටෙන්න බැරි නිසා... කෙන්ඩා පෙරලුනාවත් ද ඉන්න බැහැ කකුල රිදෙනවා... ම්න්... නුඹට පානා හ්ම්... හ්ම්...

අවසානේ පැයකටත් වැඩියෙන් ම නාපු මන් තුවායත් පටලන් බාතෲම් එකෙන් එලියට ආවේ... මොනා හරි කාලා බෙහෙත් ටික බිලා නිදා ගන්න ඔන නිසා... මන් දන්නවා ඔක බිව්ව ගමන් මට අමාරු වෙනවා කියන්න... එක දිගට බිව්වා වගේ නෙමේ රටාව පැනලා දවසක් දෙකක් වෙනස් කරලා බිව්වා ම ආයේ ම දවස් දෙකක් වගේ යනකම් අමාරුයි... එක ඉතින් ඒ බෙහෙත් වල හැටියක් මොකද මෙක උණක් කැස්සක් නෙමේ නේ...

ප්හුහ්ම්... හුස්මක් පහත දාලා ඇදුමෙන් ඇදුම ඇද ගත්ත මන් කුස්සියට ගියේ මොනා හරි හදා ගන්න... මොනාද දැන් හදන්නේ... හැදුවයි කියලා කන්න තරම් මහා ලොකු වෙලාවකුත් නැහැ... දැනටමත් හතයි... මට නිදිමතයි නිදා ගන්න ඔනා එක නිසා ගොඩක්... ආර්හ්හ් අනේ අම්මාවත් හිටියා නම්... නැහැ ඔනේ නැහැ මට පුළුවන් මන් ගැන බලා ගන්න මන් පොඩි එකෙක් නෙමේ නේ...

දුරුතු සඳ | THE ART OF HEALING ( YZ / Ongoing )Where stories live. Discover now