ලේන්සුවෙන් නහය තද කරගන ඇස් දෙකත් යට ගිහිල්ලා" මොකද "
මම ආය පොත දිහා බලාගත්තා රේ හචිං ඇර ඇර ඈතට යන සද්දෙ මට ඇහුනා ගිය එකමයි හොද
ලෙක්චර්ස් ඔක්කෝම ඉවර වෙලා මේපල් ගහ යටට යද්දි ඈශර් ගහ වටේ හාරනවා ඇත්තටම මේ කැම්පස් එකේ මේ දෙන්නගෙන් එන්නෙකෙනෙක්වත් නැති තැනක් නැද්ද??
කමන්නෑ ඈශර් එක්ක මට තරහක් නෑනේ" ඒන්ජල් "
හිතුවා වගේම මන් ලගට ගිය ගමන්ම මඩ වැදුනු අතින් මූන පිහා ගන්න ගමන් ලොකූ හිනාවක් දාන් ඈශර් මගෙන් ඇහුවා
" spring crocus "
" ඔව් ඒන්ජල් ඔයා මේ මල් ගැන දන්නව වගේ , සැර පාට මේපල් ගහ ගාවින් නිවුනු පාට මල් ජාතියක් හිටවන්න මට ඉස්සර ඉදන්ම ඕන උනා කොහෙද ඉතින් මල් පැලයක් ගේන්න කිව්වම කෙල්ලො උස්සන් එන්නේ රෝස ඩේලියා කානේශන් "
මාත් එතනම බිමින් වාඩි වෙලා
ඈශර් ට උදව් කරා
මෙයාට කොහෙන්ද ඒ මල් මම දන්න තරමින් spring crocus ගෙවල්වලවත් වවන්නේ නෑ
Jelly bean කියන්නේ ඈශර් කියල හිතන්න පුලුවන් සාක්ශි දෙකක් දැන් මට හම්බුනා" ඇහ්චිං ඔහ්චිං ගහ්චි ....."
" පොඩ්ඩක් කට වහපන් "
ඈශර් රේ ගාවට යද්දි මගේ ෆෝන් එක වයිබ්රේට් උනා
- hey choco gurl.... This time you look like hot chocolate 🥵
මම ගැස්සිලා වටපිට බැලුවා සැක කරන්න තරම් කිසි කෙනෙක් නෑ ඈශර් රේ එක්ක පොඩ්ඩක් එහාට ගිහින් ලොකු කතාවක් මම එහෙම්ම ඇදුම හදාගන නැගිට්ටා නැගිටලා වටපිට බැලුවත් කවුරුත් නෑ
" ඒන්ජල් ඔයා fuchsia දන්නවද?"
" ඔව් "
" මේ ගොං පැටියට පොඩ්ඩක් ඒ මල් ගාව තියන ආරුක්කුව ගාවට එක්කන් යන්න්කෝ
අක්කා එතන ඉන්නවා එයා දෙන බේත් ටික මෙයාට පොවන්න , මන් මේ ටික ඉවර කරලා එන්නම් "" මට...."
" යහ්චිං...."
රේ මගේ අතින් ඇදගන ගියා මේක හරි මගුලක් උනානේ මාව නැනී කෙනෙක් වගේද දන්නෑ පේන්නේ අනික මොකටද මමම ,
ටික දුරක් යනකල් අපි මුකුත් කතා කරේ නෑ" ඒයි ugly duckling "
" මොකද දැන් හච්චින් යන්නැද්ද "
" ඒක පොඩි බොරුවක් "
" එහෙනම් බේත් ඕන්නෑනේ මම යනවා "
" ඒයි ඉන්නවා "
මම හැරිලා යන්න හදද්දි රේ මගේ අතින් අල්ල ගත්තා , ඒකට නම් ඇග දිගේ කරන්ට් එකක් ගියා වගේ උනා
ලාවට වැටුන ඉර එලිය
ගාඩ්න් එකේ මල් ආරුක්කු තියන හරියේ හිටිය නිසා දැනෙන ෆීලින්ග් එකට අමුතු පාටක් තිබ්බා
එයාගෙ සුදුම සුදු පාට අතින් මගේ කලු පාට වලලුකර අල්ලන් ඉද්දි අපේ පාට වෙනස හොදටම පෙනුනා
ආය පාරක් මගේ හදවත ලිමිට් නැතුව ගැහෙන්න අරන්
බැරිවෙලාවත්......" මට තමුසෙ එක්ක fuchsia මල් බලන්න යන්න ඕන "
" මොකටද "
" ඔයා ආවේ නැත්තම් මම ඔයාව වඩාගන යනවා "
" ප්ලීස් රේ මට මගේ පාඩුවේ ඉන්න දෙන්න "
" බෑ "
මම රේ ගේ අත ගසල දාලා ඉස්සර උනා කියන්න බෑනේ උස්සගන ගියොත් ඒ තරම් මනුස්සයා ,
කැම්පස් එකේ ගාඩ්න් එකෙ දකුනු පැත්ත වෙන්වෙලා තිබ්බේ මල් වැල් වලට මල් ආරුක්කු එක එක හැඩේට යවපු මල් වැල් ගොඩක් මේ කොටසෙ තියනවා අපේ කැම්පස් එකේ තව ලොකූ විශේශ දෙයක් තමයි මල් පැලේ නම විතරක් තියන බෝඩ් කෑල්ලක් වෙනුවට මල් පැලෙ නම එක්ක ඒකෙන් අදහස් වෙන දේත් ලියල තියන එක ඒක කරල තියෙන්නේ එක පාරක් අපේ ක්ලබ් එකේ ප්රොජෙක්ට් එකක් විදිහට ඈශර්ගේ මූලිකත්වයෙන් කොහොමත් එයා මල් ගැන නම් ගැන ගස් ගැන හැමදේම ගැන ගොඩක් දන්න කෙනෙක්නේ
" ඈන් අක්කේ...."
කල්පනා කර කර ඉදලා fuchsia මල් පැලේ මට මතක නොතිබ්බත් ඒක දන්නෑ කියලා මාව ඇදගන ආව රේ නම් මල් ආරුක්කුවට ටිකක් ඈත ඉදන්ම කාටද අත වැනුවා
මාත් ඔලුව දැම්මේ ඈශර්ගේ අක්කා කොයි වගේද බලන්න
හනේව්
එයාව දැක්ක ගමන් ඈශර්ගේ අක්කා නෙමේ නංගි කියලයි මට හිතුනේ එයා හරි චූටියි ඩොක්ටර් කෙනෙක් කියලා හිතන්න බෑ තාම ඉගනගන්න චූටි කෙල්ලෙක් වගේ කොන්ඩ දෙකක් ගොතලා ඒක දිගටත් චූටි චූටි කටු ගහලා
මම කට ඇරන් බලන් ඉද්දි රේ මාව ඇදන් එයා ගාවට ගියා" අක්කා අද මොන්ටිසෝරියට උගන්නන්න ගිහින් වගේ "
" නෑ... අද මගේ පේශන්ට් පොඩ්ඩක් වෙනස් ඒකයි ලස්සනයි නේද මගෙ කොන්ඩෙ "
" ඔව් ඔව් පොඩි එකෙක් වගේ "
" කව්ද මේ බෝනික්කී "
" මේ මගේ......"
කව්ත එයාගේ.....🌝
YOU ARE READING
Meaning of love ✔️
Romance" කෝපි පාට චොක්ලට් පාට කිව්වට සමාජේ පිලිගැනීමක් තියෙන්නේ , ලස්සනයි කියලා දකින්නේ සුදු අයව ඒ මතය වෙනස් කරන්න බෑ" " සමාජයක් හිතන හැටි මට වෙනස් කරන්න බෑ ඒත් මම හිතන්නේ එහෙම නෙවෙයි"