ගේට් එකෙන් කාර් එක එලියට දාපු ගමන්ම රේ කාර් එකේ වේගෙ වැඩි කරේ මට සීට් බෙල්ට් එක දා ගන්නවත් වෙලාවක් නොතියා" තමුසේ .... මම ඒ වෙලාවෙ නාවා නම් මොනා වෙයිද කියනවා මොකද අර ප*යට බයද මට දුන්නා වගේ කම්මුල් පාරක්වත් දුන්නෙ නැත්තේ කොහෙවත් යන එකෙක්ව තමුසේ ආරක්ශා කරන්න ගියේ ඌ තමුසෙව බේර ගත්තා කියල හිතන හින්දද??
තමුසෙව බේරගන්න තාප්පෙන් පැන්න පාර මගෙ කකුල උලුක් උනා තාම හරියට අඩිය තියාගන්න බෑ මදුරුවෝ කාපු පරවල් තාම ඇග පුරා මාව පැත්තකින් තියමු ගේට් එකේ ඉබ්බට යතුරක් නැති නිසා අත් දෙක තුවාල වෙනකල් ගල් කෑලි වලින් ඉබ්බා ගලවගන්න ගහපු ඈශර්ට තමුසේ ස්තූති කරාද ඌ සතියක් පෑනක්වත් අල්ලන්න බැරුව හිටියේ හිතන්න ඇති අර ප*යා සීරීමක්වත් නැතුව සුපර්මෑන් වගේ තාප්පෙන් පැනලා ඇවිල්ලා බේරගත්තා කියලා මොලයක් නෑනෙ තමුසෙටත් කිව්ව ගමන් විශ්වාස කරනවා තාප්පෙකින් පැනලා සීරීමක්වත් නැතුව ඔය කැලෙන් එලියට එන්න පුලුවන් ද?"එක දිගට කියෝගන ගිහිල්ලා එයා ලොකු හුස්මක් ගත්තා මට දැනුනේ ලොකු පසුතැවීමක් රේ ද එතකොට මාව බේරගන තියෙන්නෙ එදා ස්ටීව්ට බැන්නා කියල මම ඈශර්ටත් බැන්නා
" මටත් වෙන වැඩක් නෑනේ කොහෙවත් ඉන්න කලු කෙල්ලෙක්ට ආදරේ කරන්නේ "
ඒක තප්පර නෙමෙ වචන හතරක්
මුලු පාරෙක අපි ගිය කාර් එක විතරයි
රේ ගෙ පැත්තෙ ජනේලෙන් එන හුලග
මූන රතු කරන් කාර් එක එලවන එයා
හුලගට විරුද්දට වාහනේ යද්දි ඇහුන ඒ වචනඑතනින් පස්සේ දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතා කරේ නෑ
පැය බාගයක් විතර ඩ්රයිව් කරලා පාලු පැත්තකින් කාර් එක නැවතුනා ඒ සද්දෙ මම දන්නවා මුහුද
රේ එලියට ඇවිල්ලා මන් ඉන්න පැත්තේ දොර ඇරියා
" බහිනවා "
එයා ඉස්සර උනා මම අත් දෙකෙන්ම ගවුමෙ උඩ ටික තද කරගන එයා පස්සෙන් හිමීට ගියා
අහසයි පොලවයි
හදයි මුහුදයි
තරුයි හුලගයි
එයයි මමයි
ඇරෙන්න පන තියන හෝ නැති කිසි දෙයක් පේන මානෙක තිබ්බෙ නෑ
YOU ARE READING
Meaning of love ✔️
Romansa" කෝපි පාට චොක්ලට් පාට කිව්වට සමාජේ පිලිගැනීමක් තියෙන්නේ , ලස්සනයි කියලා දකින්නේ සුදු අයව ඒ මතය වෙනස් කරන්න බෑ" " සමාජයක් හිතන හැටි මට වෙනස් කරන්න බෑ ඒත් මම හිතන්නේ එහෙම නෙවෙයි"