හිම පියලි පිපිරුණු සුදු කැන්වසයක් මෙන් පැවති පරිසරය සහ හිරු එළිය මගින් රෝහල් ජනේලය තුළින් රිදීවන් ආලෝකයක් රෝහල් කාමරය වෙත පරිවර්තනය කළේය. කිම් සොක් ජින් යූ වොන් ගේ ඇඳ අසල සිටගෙන සිටියේය. හිරු උදාවට හසු වූ හිම මෙන් දිය වෙමින් පැවති සොක්ජින්ගේ හදවත තවමත් බලා සිටියේ ශීත ඍතුවේ අහස වැනි දෑස් ඇති ඇයගේ සිනාව දෙසය.
"ජින්, ඔයා කවදා හරි හිම පියලි වැටෙන ආකාරය දැකලා තියෙනවද? සෑම එකක්ම වෙනස් හැඩයක් වුනත් ඒවා බාධාවක් නැතිවම එකට ඇද හැලෙනවා හරියට අපේ ජීවිතය වගේ."
ඔහු සිනාසුණේය. "ඔබට හිම වල එතරම් අලංකාරයක් පෙනෙනවද?"
"අනිවාර්යයෙන්ම" යූ වොන් පිළිතුරු දුන්නේය. "ඒක මං වගේම ක්ෂනිකයි ඒවගේම ඒවා මේ ලෝකේ සුන්දර කරනවා. මටත් අවශ්ය හිම පියල්ලක් වගේ වෙන්න ඉක්මනින් නැති වෙලා ගියත් අනික් අයට ලස්සන මතකයක් වෙන්න"
ඔවුන්ගේ ආදරය සීත සෘතුවේ හිම පියලි මෙන්ම ක්රමයෙන් වර්ධනය විය. ජනේලයෙන් පෙනෙන හිම පියලි පිරුණු පරිසරය දෙස බලමින් ජින් යුවොන් අසල ඇගේ වාඩි වී දෑත් පිරිමදිමින් සිටියේය. ජින් ඇගේ ඔරොත්තු දීමේ හැකියාව ගැන පුදුම විය.
"යූ වොන්, කිසිම අවස්ථාවක් නොලැබෙන බව දැන ගැනීමෙන් පසුවත් තවමත් ඔබ සිනාසෙන්නේ ඇයි?"
"මොකද, ජීවිතය කියන්නේ මතක සටහනක් ජින්. වේදනාවේ සහ සතුටේ සටහන්. මම සතුට තෝරගන්න හිතුවා ජින්. දැනටමත් මා වේදනා විඳිනවා නමුත් මගේ සිත සතුටින් ඉන්නයි කැමති."
"නමුත් ඔබ " ජින් "මැරෙමින්" යන වචනය කීමට නොහැකිව පසුබට විය.
"ජීවත් වෙනවා," යූ වොන් නිවැරදි කළාය. "මම සම්පූර්ණයෙන්ම ජීවත් වෙනවා, ජින්. මං හොදින් ඉන්නවා ඔයාලාගේ මතක වල හැමදාම සතුටින් ඉන්නවා. එහෙම නේද?"
ජින් ඇය දෙස බැලුවේය.
" මං ඔයාලා හැමෝගෙම මෙතන හිනාවෙලා ඉන්නවා." ඇය ඔහුගේ හදවතට තට්ටු කරමින් පැවසුවාය.
✍️ Written by Kimnimnadi1019
YOU ARE READING
හිම පියලි
Fanfiction"මාව මතක තියා ගන්න ජින්," යූ වොන් රහසින් කීවේය. "හැම හිම පියල්ලකම, හැම හිරු උදාවකම." ශීත සුළඟේ කෙඳිරිය, නොපෙනෙන දෑත්වල ස්පර්ශය. හිම පියලි වැටෙන විට, යූ වොන් ඔහු සමග සිටින බව දැන ඔහු සිනාසුණේය. 2024/06/30 Kimnimnadi1019