ඉතින් අද නිවාඩු දැම්මේ කෙල්ලගේ වදේ හින්දාමයි..
ඉස්කෝලේ රැස්වීමට එන්න කියලා හරි පොරෙ..අලුත් සර්ට හම්බ වෙන්න ඕනලු..
දෙමාපියෝ අතරින් මන් ගියේ මගේ කෙල්ල හොයාගෙන වෙද්දි
කෙල්ල හිටියේ කොල්ලෙක්ගේ අත් දෙක උඩ..මන් කලබල උන පාර ඇවිද්ද නෙමෙයි විද්ද එතනට..
"දෝණි..මේ මොක-"
"මේ චූටිගේ අප්පච්චිද.."
"ඔව් සර්.."
"එහෙනම් දූ අප්පච්චි එක්ක එන්නකෝ..මන් අරහෙට යන්නම්.."
"හරි සර්.."
"දෝණි කවුද ඒ.."
හරි කඩවසම් එක පාරක් බැලුවොත් ආයේ ආයේ බලන්න හිතෙන නිවුනු රූපයක් තිබුනා ඒ පුද්ගලයට..හරි අමුතුයි..ඒත්-
"ඒ තමයි අලුත් සර්.."
"ආහ්.."
"අප්පච්චි අපි පන්තියට යන්.."
අපි පන්තියට යද්දි එයා හිටියේ ඩෙස් එකේ ඔලුව ගහගෙන..
දෙමාපියන්ට තාම ප්‍රින්සිපල් සර් කතා කරන නිසා පන්තියට නාව හින්දා පන්තියේ හිටියේ මායි දෝණියි එයයි විතරයි..
ක්ශනික ආපු සිතුවිල්ලකට මන් එයාගේ ඔලුවට අත තිබ්බේ අතගාන්න හිතාගෙන උනත් එයා ඒකෙන් ගැස්සිලා නැගිට්ටා..
"ආහ්..මේ තාත්තේ තාම රැස්වීම ඉවර නෑ..ටිකකින් තමා පන්ති රැස්වීම් තියෙන්නේ.."
මෙයා කතාකරන විදිහට මට මතක් වෙන්නේ ස-
"අප්පච්චි මට යාලුවෝ කතා කරනවා මන් යන්නම්.."
"හරි..පරිස්සමෙන්.."
ඒක අපි දෙන්නාම කීවේ එකට වෙද්දි එයා ටක් ගාලා අහක බලාගත්තා..
ටිකකින් ක්ලාස් එකේ එයයි මමයි වෙද්දි එයත් ආයේ ඩෙස් එකේ ඔලුව ගහගත්තා..
"ඔලුව රිදෙනවා ද.."
"ම්ම්.."
"සර්..මේක බීලා හිටියානම්.."
මගේ ලග තිබුනු පැනඩෝල් දෙකක් මන් එයාට දුන්නා..
"තෑන්ස්.."
එක උගුරට ඒක බිපු එයා එහෙම කීවේ හිනාවක් එක්ක..
දෙයියනේ ඒ හිනාව..ඒ-
YOU ARE READING
ප්‍රේමයේ හිඩැස්..~
Non-Fictionමුහුදේ රැල්ල හරි වේගෙන් ගහන් එනවා වැල්ලට..ඒත් යන්නේ හරි හිමින්.. හරියට නිකම්, ආදරේ දැනිලා අහිමි වෙලා වේදනාවෙන් පෙලෙන හිතක් වගේ... මට හරි ලස්සන වචන එන්නේ නෑ ඔයාලට කියන්න මොකද මන් කැමති නෑ මැරුනු හැගීම් ආය වල දාන්න.. ඉතින් මේ අවුරුද්දක් වගේ කාලෙට මන්...