🥀🤍

226 32 18
                                    

ඇය(කෙටි කතාවක්)

අපි ඉපදුනේ එකම අවුරුද්දක මාස දෙකක.අපි අතර තිබුනෙ මාස හයටි දවස් ගානක වයස් පරතරයක්.අපේ අම්මි එයාට ලොකු අම්මි වෙද්දි එයාගෙ අප්පච්චිට මම කිව්වෙ බාප්පි කියලා.පුංචිම කාලෙ මට මතකයි නර්සරියෙ පිරිමි ලමයෙක් එයාව තල්ලු කරපු පාර අඩාගෙන මන් ගාවට ඇවිත් අවනඩුව කිව්ව විදිහ.කෙල්ලෙක් උනාට නසරානි ගනයට අයත් උන මම ඒ කොල්ලගෙ අත ලේ පාට වෙනකම් හපලා තිබ්බා.කාලය ඔහේ ගත වෙද්දි පපුව අස්සෙ නමක් නැති හැගීමක් ඉපදෙමින් තිබුනා.එයා ගැන ඒ දැනෙන හැගීමට නමක් දෙන්නවත් අවසානයක් හිතන්නවත් මම බය උනා.ඒත් මම ගෙවෙන දවසක් ගානෙම ඒ ඇස් දිහා බලාගෙන හීල්ලුවා.

පුංචි කාලෙ ඉදන්ම මගෙ ජිවිතේ වැඩිම දවසක් ගෙවුනෙ එයත් එක්ක.එකම පංතියෙ එකම ඩෙස් එකේ අපි නොකලෙ එකට වොශ් රූම් එකක් ඇතුලට නොගිය එක විතරමයි.සමහර රැයවල් ගෙවුනෙ එයා මගේ එහා පැත්තෙන් ඉද්දිමයි.විශ්වාස කරන්න එහෙම රැයවල් වල එකම විනාඩියක් ඇස් පිය උනෙ නැති විත්තිය.පපුව මහ හයියෙන් කැගැහුවා.ඒ දවසට පහුවෙනිදා මගෙ නිදිමත ඇස් මගෙ හිතට මහ හුගක් වෛර කලා.අපි විභාග කලා ඉගෙනගත්තා කාලය කොච්චරක් වේගෙන් ගෙවුනද කියනවනම් ඒ වෙද්දි  අපි හිටියෙ උසස් පෙල පංතියෙ.මැත්ස් වලට ආදරේ කරපු මම එයාගෙන් ඈත් වෙන්න තිබ්බ ලොභ කමට වාඩි උනේ බයෝ පංතියේ එයාගෙ ඩෙස් එකට එහා පැත්තෙන්.එයාට මට පිරිමි ලමයින්ගෙ ආකර්ශනයෙන් අඩුවක් ත්බ්බෙ නැති තරම්.ඒත් මට ඒ ගැන පුංචිම හැගීමක් දැනුනෙ නැහැ.ඒත් දවසක මම බයම උන මාව රැයවල් ගානක් ඇහැරවලා තිබ්බ ඒ සිතුවිල්ල ඇත්තක් උනා.එයා ලස්සන පිරිමි ලමයෙක්ට හිත දිලා තිබුන විත්තිය කාටත් කලින් කීවෙ මට.මට අද වගේ මතකයි පපුව හිර වෙලා හුස්ම නවතින්න දගලපු ඒ තප්පර ගාන.මෙච්චර දවසකට මට තිබිබ එකම සැනසීම එයා මගේ නොවුනත් වෙන කාගෙවත්ම නෙමෙනෙ කියන ආර්මාර්ථය පවා ඒ දවසෙ මට නැති උනා.වචන දහයක් කතා කරද්දි නමයක්ම ඒ පිරිමි ලමයගෙ නම එයාගෙ ලා රතු ගැහැච්චි දෙතොල් වලින් පිටවෙද්දි අච්චර AC එක අස්සෙ මාව පිච්චිලා ගියා.හරියටයි කියලා කෑමක් කන්න බැරි වෙද්දි එයාගෙ ලොකු අම්මා දෙහි කැපුවෙ මට.මතක විදිහට හතර පස් වතාවක් බෙහෙත් පෙති පවා බොන්න උනේ මන් කෙට්ටු වෙන විදිහ අම්මිට බලන් ඉන්න බැරි උන නිසා.ඒත් හිතේ ලෙඩේ හොද කරන්න බෙහෙත් පෙත්තකට පුළුවන් කමක් තිබ්බෙ නැති තරම්.

ඇය 🥀🤍 (Completed ☑️)Where stories live. Discover now