තෙවන පරිච්ඡේදය...♡

66 11 11
                                    

ඒ අළු පාට ඇස්!!ඒක හිතලුවක් නෙවෙයි!!මීට සතියකට උඩදි තමයි රඛිතට ඒ අළු පාට ඇස් මුණගැහුණෙ...

එදා රඛිත ඕෂිත එක්ක බිග්සිටි ගියේ එයාගෙ කසින් කෙනෙක් වුණු මිහාරාට බර්ත්ඩේ ගිෆ්ට් එකක් ගන්න කියලා හිතාගෙන...

"මොන වගේ එකක්ද බං හොඳ??දීපන්කො හොඳ අයිඩියා එකක්"

තඩිම තඩි තැඹිලි පාටට හුරු ටෙඩියෙක්ගෙ අතක් අල්ලන ගමන් රඛිත ඕෂිත දිහාවට අසරණ බැල්මට් එකක් දැම්මා...

"උඹට ඒකි කැමති දේවල් ගැන අයිඩියා එකක් නැද්ද?"

"නෑ මචං...ඒකි පූසන්ට ආසයි...වෙන දෙයක් ගැන නම් දන්නෑ..."

"එහෙනම් ඉතිම් පූසෙක් දියන්කො...වැඩේ ඉවරයිනෙ!!"

"පිස්සුද හුත්තො!!ගෙදර දැනටමත් පූසො පහ-හයක් විතර ඉන්නවා...ඔය ගෙරියො උස්සන් ගියොත් නැන්දා මට ගහලා පන්නයි"

"අනේ යකෝ!!උඹ ඒකි කැමති දෙයක් ගැන දන්නෙත් නැත්තම් කොහොමද කියපන්කො ගිෆ්ට් එකක් තෝරන්නෙ?"

"අඩෝ හිතපන්කො ටිකක්"

"ඉතින් බං උඹ ඒකිගෙ යාළුවාගෙන් අහපන්කො...ඒකි දන්නවා ඇතිනෙ"

රඛිත සැනින් ෆෝන් එක අරගෙන මිහාරාගෙ යාළුවාට කෝල් එකක් ගත්තා...දෙතුන් පාරක් රින්ග් වෙද්දි අනික් පැත්තෙන් ඇමතුමට සම්බන්ධ වුණා...

"හෙලෝ!!"

රඛිත කන ගාවින් ෆෝන් එක අහකට කරේ හෙන ගහනවා වගේ බෙරිහන් දුන්නු සද්දෙ කන ඇතුලෙ දෝංකාර දෙද්දි...

"ඔච්චර සද්දෙට ගහගන්න වගේ කතාකරන්නෙපා යකෝ.."

"අනේමේරඛිතායියෙ...කියන්න තියෙන දෙයක් ඉක්මනට කියනවද?මට වැඩ තියෙනවා"

"හරි...හරි...මේ අහනවකො මිනූ...මට උදව්වක් ඕන ඔයාගෙන්!!"

"අනේ සල්ලි නෑ බං අයියේ මං ළඟ..."

රඛිත හරිම ඩ්‍රැමටික් විදියට නලල දෙපැත්ත ඇඟිලි දෙකකින් පිරිමැද්දා...

"ඒ මඟුලක් නෙවෙයි බං...කියන දේ අහලා ඉඳපංකො ඉස්සෙල්ලම..."

"ආ කියන්නකො එහෙනම් ඔයා"

"මේකයි මිහාරාට බර්ත්ඩේ ගිෆ්ට් එකක් දෙන්න කියලා බැලුවෙ...මොනාද දෙන්න හොඳ කියනවකො"

අළු පාට ඇස් (ON HOLD)Where stories live. Discover now