වෙලාව පාන්දර දෙකයි.. එළියේ හයියෙන් අකුණු ගගහා වහිනවා. ඒ අස්සේ හොඳටම සීතලත් එක්ක.. මම නැඟිටලා වොශ් රූම් එකට ගියේ දරාගන්න බැරි තරමේ අමාරුවකින් හිටිය නිසා.. වොශ් රූම් එකටත් ගිහින් එනින් ගමන් විවාන් ඉන්න කාමරේට පොඩ්ඩක් ඔලුව දාලා බැලුවේ විවාන්ට මොකද කියලා.. රෑ හිටියෙත් ගොඩක් අමාරුවෙන්නේ. කාමරේ ලයිට් එකත් දාලා විවාන් ළඟට ගියාමයි මම දැක්කේ විවාන්ව හොඳටම වෙවුලනවා..
"විවාන්.. විවාන්.."
"ම්ම්ම්ම්...හ්.."
"දෙවියනේ විවාන් ඔයාගේ ඇඟත් හොඳටම රස්නෙයි.."
යාන්තමින් මම අත ඇල්ලුවා විතරයි මට දැනුනේ එයාගේ ඇඟෙන් ගින්දර පිටවෙන තරමේ රස්නයක්.. ඒක හරිම අසාමාන්ය රස්නයක්.. සාමාන්යයෙන් උණක් හැදුනට මේ තරම් ඇඟ රස්නේ ගන්නේ නෑනේ.. මට බයත් හිතෙනවා.. එහෙන් විවාන් සීතලට හොඳටම වෙව්ලනවා.. අම්මව ඇහැරවල කරදර කරන්න බැරි නිසා මම අයියගේ අල්මාරියේ තිබ්බ බෙඩ්ශීට් තුන හතරක්ම අරන් විවාන්ට පෙරෙව්වා.. ඊටපස්සේ නම් ටික වෙලාවකින් වෙව්ලන ගතිය අඩුවෙලා ගියා..
"විවාන්.. දැන් සීතල නෑනේද.."
"න්... නෑහ්."
කාමරේ තියෙන ඕඩික්ලෝන් බෝතලේ අරන් එන්න කියලා යන්න හදපු මාව අතින් අල්ලලා නතර කරගත්ත විවාන් මගේ දිහා බලන් හිටියේ ගොඩාක් අමාරුවෙන්..
"යන්..න.. එ..ප්...පාහ්..."
"මං ඉක්මනට එන්නම්.. විනාඩියකට ඔහොම ඉන්නකෝ.."
විවාන්ගෙන් අත මුදවගෙන කාමරේට ආපු මම ඕඩ්ක්ලෝන් බෝතලෙයි පුංචි රෙදි කෑල්ලකුයි අරන් ගිහින් විවාන්ගේ ඇඳෙන් එයා ළඟින් වාඩි උනා.. ඒ ඇස් රතුවෙලා..
"මාව ද්..දාලා.. යන්න.... එපාහ්..."
මගේ දිහා බලන් අමාරුවෙන් එහෙම කියපු විවාන් මගේ උකුළෙන් ඔලුව තියාගෙන ඇස් පියාගත්තා.. එයා ඉන්නේ ගොඩාක් අමාරුවෙන්.. ඒක විවාන්ගේ මූණ දිහා බැලුවම හොඳට පේනවා.. මගේ එක අතක එයාගේ අත තදින් පටලන් පපුවට හේත්තු කරගෙන විවාන් ඇස්පියා ගත්තා..
YOU ARE READING
ආශ්චර්යය || සිංහල || BL Ongoing
Non-Fiction"ඇයි තමුසේ මගේ පස්සෙන් මෙහෙම එන්නේ ආහ්.. ඇයි මෙහෙම වදයක් වෙන්නේ.." "හැම ආත්මෙකම හොයන් එන්න කියලා දැන් ඔහොම කියන එක සාධාරණද ආශු.. වදයක් නම් ඇයි හැම ආත්මෙකම ඔයාව හොයාගෙන එන්න කිව්වේ.." "මොකක්ද.. මම කවද්ද තමුන්ට එහෙම දෙයක් කිව්වේ.." "ඔයාට මතක නැති උනාට...