හොටෙල් එකේ සිද්දියෙන් පස්සේ ෂදිල්ගේ වගේම රෙහාන්ගේ ජීවිතෙත් ටිකක් වෙනස් වුනා...ඇත්තටම කිව්වොත් ඒක හොඳ අතට හැරුනා.....
නියං සමයකට පස්සේ මල් පූදින වසන්ත කාලයක් වගේ එකක්...හැමදාම දුකත් නෑ සතුටත් නෑ...දුකකට වේදනාවකට පස්සේ එන සතුට හිතට දැනෙනවාත් වැඩියිනේ.....
අපි හිත ඇතුලේ තියෙන ප්‍රශ්න අදාල පාර්ශවය එක්ක කතා නොකර විසඳන්න යනකොට වෙන්නේ නැති ප්‍රශ්න ඇති වෙන එක විතරයි....
උපකල්පන කියන්නෙ භයානක දෙයක් වෙලාවකට....අපි ඇහෙන පේන දේවල් විමසා බලන්නේ නැතුව නිගමනවලට එලඹෙනකොට එහෙම වෙනවා....
තමන්ට තනියෙන් ගොඩ දාගන්න පුළුවන් ප්‍රශ්නත් තියෙනවා බැරි ඒවාත් තියෙනවා...හැමදාම තනියෙන් ගොඩයන ක්‍රමය හරියන්නේ නෑ...
කොච්චර වැඩ්ඩෙක් කියලා හිතා හිටියත් රෙහාන්ට වුනෙත් ඒක....එයාගේ අසනීපය වැඩිවුනෙත් කේන්තිය ඉහවහා ගියෙත් ඒකයි...ෂදිල්ගේ හිත වුනත් අනවශ්‍ය සැකයකින් ආතතියකින් පෙළුනේ ඒ නිසයි....
ෂදිල් රෙහාන්ගෙන් කොලේකට අත්සනක් ඉල්ලුවාම රෙහාන් කලබල වුනා...එයාට කේන්තිත් ගියා....එයාගේ ඔළුවට එකපාරටම ආවේ ඩිවෝස් පේපර්ස්....එයා ෂදිල්ට කවදාවත්ම නොදෙන්නෙත් ඒක....
ඒ නිසාම එයා ටිකක් ඇග්රෙසිව් වුනා....ඒත් ෂදිල්ගේ මුවින් ඇත්තටම එයාට රෙහාන්ගෙන් අවශ්‍ය වුන අත්සන ගැන කියවුනාම රෙහාන්ගේ හිතට ආවේ මිශ්‍ර හැඟීමක්.....
"මට...ජොබ්...එකෙන්...අස්වෙන්න ඕන සිද්...මගේ...රෙසිග්නේශන් එකට..සයින් කරන්න....ප්ලීස් මන් පුතූවත්....බලාගෙන ගෙදරට වෙලා ඉන්නම්...ඔයා...කැමති නම් මන් කන්සල්ටන්ට් කෙනෙක්...විදියට වැඩ....කරන්නම්.....ඔයා එක්ක...."
ෂදිල්ටත් සමහර වැදගත් දේවල් රෙහාන් එක්ක කතා කරන්න හිතෙන්නෙම ඇඳ උඩ වෙන එකනේ ප්‍රශ්නේ.....එහෙම හරි එයාලා කතා කරනවා ලොකු දෙයක්....
රෙහාන් ඒකෙන් පුදුම වුනා...ෂදිල් මේ ගැන රෙහාන්ට එක දවසක යාන්තම් කියලා තිබ්බා වුනත් හරියටම ඒ ගැන තහවුරු කරලා තිබුනේ නෑ....
ෂදිල් මේ තීරණය අරන් හුඟාක් දවස්...පහුගිය කාලේ එක දිගට වුන ප්‍රශ්නත් එක්ක එයා හිතුවා මේක තමා හොඳම දේ කියලා....මානසික නිදහස වඩා වැදගත්...
![](https://img.wattpad.com/cover/351239288-288-k616327.jpg)
YOU ARE READING
සිධාරණ්‍ය (Complete)✔️
Fanfictionඅහසට පොළොව සේ වෙනස් වූ දෙදෙනෙක්...රන්හුයකින් බැඳුනු බැම්මක්....සතුට විරහව ආදරය වේදනාව අතර හුවමාරු වෙන දෙහදක් ❤ Start - December 02, 2023 End - January 29, 2025