20

801 111 11
                                    

"උඹලාට දැම්ම යන්න ඕනද බං,දවල්ටත් කාලා යං"

"බෑ රුචිරයා,දවල්ට කන්න හිටියොත් රෑටත් කාලා යන්න ඉන්න කියයි එතකොට අද යන්න වෙන්නෙ නෑ,අනික හෙට ආපහු කැම්පස් යන්න එපැයි"

"ඒකනම් එහෙම තමයි,අපිත් අද ආපහු යන්න ඕනෙ"

"උඹ  ආකේන් අයියලාගෙ ගෙදර ඉදන්නෙ කැම්පස් එන්නෙ?"

"ඔව් බන්"

"මෙහෙම අහනවාට මුකුත් හිතන්න එපා රුචිර..ඇත්තටම ඔය අයියා කවුද?"

ධනුක ඇහුවෙ ඇහිබැමි දෙකත් එකට යා කරලා රළු බැල්මක් දෙමින්

"ඇයි මං කීවෙ ටිකක් දුරින් නෑ වෙන අයියා කෙනෙක්  "

"නෑ කම නම් දුරද ළඟද මං දන්නෙ නෑ බන් ,ඒත් තොපි දෙන්නගෙ මොකක් හරි හොරයක් තියනවාමයි කියලා මට හිතෙන්නෙ"

"මොන වගේ??"

මම ඇහුවෙ ඇස් දෙකත් ලොකු කරගෙන පුදුමයට පත් උන එකෙක් වගේ

"නිකම් සම්තිං සම්තිං රොමෑන්ටික් වගේ.....

ආව් ආව් බලහංකො ඒක කියනකොට යන හිනාව..

ඒ ඒ..ඇත්ත කියපන් ..මොකක් හරි තියනවා නෙහ්..නේ.. නේ...

අඩේ තියනවාද බං..ඇත්ත කියපන් ලැජ්ජා නොවී..මං හරිනෙ..උඹලා දෙන්නගෙ නෑ කමට එහා දෙයක් තියනවා?"

"පිස්සුද බං සහෝදරයෙක් වගේ ඉන්න අයියාව අල්ලලා විකාර කියවන්නෙ"

බොරු තරහක් මවාගෙන එහෙම දෙයක් නෑ කියන්න හැදුවත් මගෙ මූණේ හැඟීම් මට ඕන විදිහට පාලනය කරගන්න බැරිවුනා..

"සහෝදරයෙක් වගේ උනාට සහෝදරයෙක් නෙවෙයි නෙ..අනේ පලයන් බං යන්න . තෝ කොරයි මට කොලේ වහලා"

"හරි හරි බං කෑ ගහන්න එපා,අනිත් උන්ටත් ඇහෙයි"

"ආ.....ආ...ආ...ඇයි උන්ට ඇහුනාම මොකෝ...ඒ කියන්නෙ මොනාහරි තියේද?"

"හෙ හේ..."

මම ධනුකයාට ගොං හිනාවක් දැම්මා..මොනවා කියන්නද මන්දා අනේ...

"අඩේ කියහන්කො ඉතින් "

"ඇත්තෙ නෑ..නැත්තෙමත් නෑ"

"අඩෝ අඩෝ..අඩෝ...මම දැනගතිමි මම සැක කළෙමි..ඉතින් ඉතින් කියහන්කො විස්තර"

Love In Arrangement  (Completed  )Wo Geschichten leben. Entdecke jetzt