08 කොටස

29 2 0
                                    

රාව සුසුම් 🌿
.
08 කොටස
.
.
.
.

"මට දැන ගන්න අවශ්‍ය තමුන් මේ සේරම රී චෙක් කරලද තියෙන්නෙ කියල.."

                                   ඔහුගෙන් අසා මොහොතක් හෝ ගත වීමට මත්තෙන් ඇගේ කාර්යාල කාමරයේ දොර විවර වුනේ කිසිදු අවසර ගැනීමකින් තොරවයි.. ඒ සමගින්ම ඈ දෑස් යොමු කරේ දොර හැර තවමත් එය අල්ලා ගෙන එළියෙන් සිටින අහස්‍ය වෙත..ඉන් පසු පෙනුනේ සුදු පැහැ අත් දිග වැලමිට තෙක් නවා ඇති ශර්ට් එකක් හා කලු පැහැති ඝනකම් කලිසමක් ඒ පැහැයෙන්ම අත් ඔරලෝසුවක් පැලද ඇය වෙතම දෑස් රදවන් සිටින ඔහු..

" ආහ්.. එන්න. එන්න අයියා..  ඉද ගන්නකො ඇවිත්.."

                                අවසරයක් නොගෙනම දොර හැර ගෙන ආපු නිසා අහස්‍යගෙ මුහුණෙ තිබුණෙ දත් ඇන්දම පෙන්වන ගොන් හිනාවක්. දිල් රූ අහස්‍ය වත් පසු කර ගෙනම ගොස් ඉද ගත්තෙ මම අතින් පෙන්වපු සෝෆාවෙන්..

                                  අහස්‍යත් ගිහින් ඉද ගත්තට පස්සෙ දිල් රූ ඇයට කතා කලේ ඔවුන් අසල තිබූ සිහින් උස රැක් එකෙන් බිස්නස් මැගසින් එකක්ද අතට ගනිමින්..

.
.
.
.
.

" ඔයා වැඩේ ඉවර කර ගන්න නංගී.. අපිට වෙලාව තියෙනවා.."

                                 ඔහු පවසද්දි මම හිනා වෙලා එයට එකග වුනේ පෞද්ගලික හේතු මත රාජකාරීමය දේවල් මගහැරිමේ පුරුද්දක් මා සතුව නොමැති නිසා.. 

                                 ඒ වගේම මේ විදියට හදිසියෙම පැමිණියෙ කුමන හේතුවක් මතද කියන්නත් මං හොදාකාරවම දන්නවා.. මේ තරම් හොදින් කතා මට කතා කරන්නෙත් ඒ හේතුව මත...

රාව සුසුම්..Where stories live. Discover now