ජීවිතයක වටිනා කම කොයීතරම්ද ?
ඒ බව හැමෝටම තේරෙන්නෙ නෑ හැබැයී උදේ හවා මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සටන් කරන වෛද්යවරු වුන අපිට ඒ බව හොදා කාරවම තේරෙනවා.
හුස්ම අදින්න මිනිස්සු කොච්චර පොර කනවද??
මිනිස්සුන්ගේ ජීවිත හිතුන හිතුන වෙලාවට බිලි ගන්න මිනීමරුවන්ට ඒ බව තේරෙනවද??
දිනය : වර්ශ 1953 ජනවාරි 20 වන දින
ආදරනීය දින පොත ,
අදත් මගේ ඇස් ඉස්සරහ මිනිස්සු සිය ගානක් මිය ගියා....මට තේරෙන්නෙ නෑ මොන වගේ මිනිස්සුද මේ ලෝකෙ ඉන්නෙ කියලා, ඇයී තමන්ගෙ වගේම ලේ ඇගේ දුවන මිනිස්සුන්ව මෙහෙම මරාගන්නෙ?
මේ අහින්සක මිනිස්සු මොනා කරාටද??ඔවුන් ගෙ ලමයී ඔම්මාලා අප්පාලාව ඉල්ල ඉල්ල මගේ ලග අඩා වැටෙද්දී මට අඩුම තරමෙ ඔවුන්ව සනසන්නවත් බැහැ . සනස සනස ඉන්න මට වෙලවකුත් නෑ.
ජීවිතේ කියන්නෙ හරිම අස්තීර දෙයක් ඒ බව මම මේ ගෙව්නු අවුරුදු ගානට තේරුන් ගත්තා....
උතුරු කොරියානුවොයී දකුනු කොරියානුවොයී කියලා දෙපිලකට බෙදීගෙන මරාගන්නේ ඇත්තෙන්ම මොන එහෙකටද??
යුද්දේ මැද කදවුරු බැදන් මිනිස්සුන්ට බේත් කරන්න ලැබුන එක මට ලොකු සතුටක් ඒත්- ඒත් මේ ඉන්නෙත් මිනිස්සු එයාලට මෙහෙම වෙන්න ඕනෙ නෑ...
මට මේ වෙන කිසිම දෙයක් තේරෙන්නෙ නෑ....අදත් මට වෙනද වගේම හමු උනා අර දකුනු කොරියානු තරුණයාව මට තේරෙන්නෙ නෑ එයාව දැක්කාම මගේ හදවතට අමුතු හැගීමක් දැනෙනවා මට මහා ශක්තියක් දැනෙනවා...
එයා සාමන්ය හමුදා නිලදාරියෙක් තමයී ඒත් මම ඒ ඇස් වලින් දකින්නේ හරි ලස්සන දීප්තියක්...
හරියම පිවිතුරු හැගීමක් මට දැනෙනවා ජීවිතේ කවම දාවත් නොදැනුන හැගීමක් ඒක.ඇමරිකාවෙදිත් ඕනේ තරම් මට පිරිමි හමුවෙලා තියෙනවා ඒත් මෙයා හරිම වෙනස් කෙනෙක් . අදත් එයා ආවෙ වෙඩි උන්ඩයක් අතට යවාගෙන.
වැඩි කතා බහක් නොතිබ්බට එයාගෙ ඇස් නම් හරිම ලස්සනට කතා කරනවා.වෙනත් බාශවන් ඉගෙන ගන්න එක ඇත්තෙන්ම මම වගේ වෛද්යවරුන්ට වටිනවා . ඒකෙ වටිනා කම මට හොදින්ම දැනෙන්න උනේ මාව මෙහෙම දුශ්කර සේවයට යෙදෙව්ව නිසා.
YOU ARE READING
𝕎𝕆𝕌ℕ𝔻𝕊 𝕆𝔽 𝕎𝔸ℝ | short story JJK FF
Fanfiction" මෙහේ මිනිස්සු කියනවා වගේ අපි නැවත මිනිස්සු වෙලා ඉපදෙනවනම්... අනේ ඉල්ලන්නෙ එක දෙයයී එතකොටවත් අපිට හොද අවසානයක් දෙන්න " short story #jeon inha