"සුමුදුනී අක්කෙ..,"
මං සුමුදුනී අක්කා උන්න සීට් එකට එහා පැත්තෙ එකෙන් වාඩි වෙලා ඇහුවත් අක්කා නෙවෙ මාව ගණං ගත්තෙ...මං කීප සැරයක්ම කතා කරා වුණත් අක්කා හැරිලවත් බැලුවෙ නැතිකොට මං නැගිටලා බබා ගාවට ආවා...
"ඕක හිතන්නෙපා නිකූ....ඒ අක්කට හිත හදා ගන්න දෙනො...ඇත්ත තේරෙන්නත් ටිකක් වෙලාව ඕනනෙ.."
මං බර හුස්මක් පහළට දාලා ඔලුව වැනුවා...සුමුදුනී අක්කා මෙච්චර අවුල් යන්න තරං මං එයාට ලං වුණේ නෑ....එයා එහෙම හැසිරෙන්නෙ ඇයි ද කියලා මට හිතා ගන්න බෑ...
"ඒකපාර්ශවික ආදරේ එහෙම තමයි....ඒක දුකයි..."
නිශානි අක්කා එහෙම කියන් මං ලඟින් වාඩි වෙද්දි, මං බැලුවෙ එච්චර අවංක හඬක් එන්න තරං නිශානි අක්කා කාටද එහෙම ආදරේ කරෙ කියලා...වෙලාවකට මාත් හෙන චීත්තෙ...
"ඔයා කෝමද අනේ එහෙම කියන්නෙ..."
"ම්ම් ඒක ඒම තමයි මියූ....සුමුදුනී ඔයා මෙහෙට ආව දවසෙ ඉඳලමයි ඔයාට කැමති වුණේ... "
"මට තේරෙන් නෑ අක්කෙ...මං එහෙම වෙන්න හේතු හැදුවෙ නෑ කියලා මට ශුවර්...."
"මියූ දන්නෙ නැද්ද, ආදරේට හේතු නෑ...ආදරේ කියන්නෙ අහේතුක හැඟීමක්... "
"මං මොකද්ද මේකට කරන්නෙ...බලනවකො අර මූණ..."
"තමුසෙට කරන්න පුලුවන් මගුලක් නෑ නිකූ....පාඩුවෙ ඉඳහං...වැදගත්ම දේ,ඒකිට හිත හදාගන්නවත්, අර තමුසෙගෙ ඇඟේ එල්ලෙන රෝස මලට පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න කියපම්..."
මං ඔහේ ඈතක් බලං ඉද්දි බබා එතනින් නැගිටලා ගියා....නිශානි අක්කත් මගෙ පිටට තට්ටුවක් දාලා අසේකා ලඟට ගියා....
"අපි චුට්ටක් කතා කරමුද...?"
හසංගනාගෙ කටහඬ ඇහුනම මට ඒ පැත්ත නොබලා බැරි වුණා...කෙල්ල එහෙම කියලා හිනාවක් එක්ක අනිත් පැත්තෙ සීට් එකේන් වාඩි වුණේ මං ලඟට නෑවිත්..
"කියන්න හසංගනා..."
"ඔයා ඇත්තටම අර අක්කට කැමති නැද්ද...? එයා පව්...අඬනවත් එක්ක..."
"පිස්සු හැදිලද හසංගනා ඔයාටත්..මනුස්සයෙක් දැක්ක පමණින් ලඟ ඉඳපු පමණින්, මට ආදරේ කිව්ව පමණින් මගෙ හිතේ හැඟිමක් උපදින් නෑ...තමුසෙලා ඔහොම අහද්දි මට දැනෙන හැටි නිකමටවත් දන්නවද ආහ්..."
YOU ARE READING
හසංගනා (Still Ongoing-slow Update)
Romanceමට හීන ගේන අංගනාවී පෙරදාක ඇයිද නාවේ නොකියා කියූ දේ තේරුණා.... ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැඳීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා.... මා නුඹෙ නෙත් මානෙම ඉන්නම් මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්... මෙ'හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම් නුඹ එනකන් මොහොතක්...