"කොහෙද උබලා ඉන්නේ?"
"මෙතන.....දකුනට හැරියන්........මට උබ පේනවා........"
"අහ්හ් හරි හරි."
මන් එහෙම්මම මගේ ෆෝන් එක ඕෆ් කරලා සාක්කුවට දාගත්තේ අයියා මාවත් ඇදන් ඒ දිහාට යනකොට.මමත් බෙල්ල හරෝ හරෝ ඒ දිහාට දුවන් ගියේ වටේම සෙනග ඉන්න දිහා බල බල.එලියේ ඉදපු වර්ශයා අපි එනවා දැකලා කොන්ඩේ අතින් පස්සට කරගන්න ගමන් එතනට ආවේ අයියා එයා දිහා බලද්දි.
"නෙලීශ කෝ?"
"නෙලීශ ඇතුලේ අයියේ."
"ඇන්ඩෲ?"
"එයාලත් ඇතුලේ.අරූ කන්ට්‍රෝල් කරගන්න අමාරුයි.ඌ කැගහනවා.මෙතන ස්ටාෆ් එකෙන් වෝර්න් කරා එයාල දැන් පොලීසියට කෝල් කරනවා කියලා.ඒත් මූ ඒක ගනන්වත් ගන්නේ නැ.ඇන්ඩෲ අයියා විනාඩි දහයක් දෙන්න මුව එක්කන් යන්නම් කියලා ශේප් එකක් ගහගත්තේ.ස්ටාෆ් එකත් අවුලෙන්. ඇයි මෙතන Foreigners ලත් ඉන්නවනේ."
වර්ශයා ඒ ටික කියනකොට අයියා කලබලයක් නැතුවම ඒ ටික අහලා මොකුත් නොකියම ඇතුලට ගියේ මමත් වර්ශයගේ උරහිසට තට්ටුවක් දාගෙනම ඇතුලට යද්දි.වෙන්න මොකක්ද කියලා මට ලොකුවට කිසිම අදහසක් තිබ්බෙ නැ.ඒත් ටිකකට කලින් වර්ශයා කෝල් එකෙන් කිව්වේ චිරායුවා ඩීප් ස්විමින්ග්වලදි ගිලෙන්නද මොකක්ද ගියා කියල.එතනින් එහාට නෙලීශයගේ හැසිරීම කතා කරන්න ඕනේ නැ.උගේ සුදූට මොනාහරි වුනොත් ඌ යකෙක්.
නෙලීශයගේ කැගැහිල්ල ඇහුනේ අපි ඒ සෙන්ටර් එකේ ඇතුලට යද්දි.ඩයිවින්ග්වලට අපි සිලෙක්ට් කරගෙන තිබ්බ සෙන්ටර් එක ඇතුලේ ඔෆිස් රූම් එකේ ඇන්ඩෲ අයියයි රාහුල් අයියයි නෙලීශයා ගාවම ඉදන් ඌව අල්ලන් හිටියේ. ඌ ඌට ඉස්සරහ හිටිය ඔෆිසර්ව තනි අතින් කමිස කරෙන් ඇදලා ඇරන් අනිත් අතින් පපුවට ඇගිල්ලෙන් අනින ගමන් සද්දෙන් බනින ගමන් හිටියේ.
"පොලීසියට එන්න කියන්න.මටත් ඇන්ට්‍රියක් දාන්න ඕනේ උබලට විරුද්දව.මෙතන යකෝ මගේ එකා ගිලෙන්න ගියේ.මන් කැගහන්නේ ඌ වෙනුවෙන්.ඔයාලට තිබ්බා මෙඩිකල් එකක් කරන්න.ඒකේ අහු නොවුන කියමුකෝ.අතේ ප්‍රශ්නයක් නේ මේ.ඒත් මෙයාගේ hand movements වලදි ඔයාල ඒ ගැන අහලත් අවුලක් තියෙනව බව දැන දැන මෙයා කියද්දි බහින්න දෙන එකද ඔයාල කස්ටමර් සර්විස් කියලා කියන්නේ.ඔයාලගේ මාරම ඉහල කස්ටමර් සර්විස් එක නිසා තව පොඩ්ඩෙන් මයේ කොල්ලා මැරෙනව......සර් කියන දේ..... ඔයාල මොකටද එයාට බහින්න දුන්නේ?"
YOU ARE READING
නසරාණියා|Nasaraniya
Non-Fiction"කේතුර් දන්නවද මම කේතුර්ට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්චර ආදරෙයිද කියලා." ආදරේ වැඩියෙන්ම දැනුනේ මගහැරුණු හිත්වලට....ආදරේ වැඩියෙන්ම කරෙත් ඒ මගහැරුණු හි...