සූර්යයාලෝකය හොඳින් වැටිලා. උදෑසන හතේ හෝරාවත් ඇවිත්...
නිවැරදි නම් මේ වන විට මහරාජ් ගේ කුටියේ ද්වාරය විවර විය යුතුයි. එසේම මහරාජ්ට සේවය කිරීම පිණිස සැදී පැහැදී සිටි සේවිකාවන් ලී බන්දේසිවල තබා මහරාජ් වෙනුවෙන් ඉතා ප්‍රවේසමෙන් සූදානම් කරන ශරීරය ට හිතදායී සුදු නෙලුම් තේ බඳුන් ද, මහරාජ් ගේ ස්නානය පිණිස සකසන පොකුණට යෙදීම පිණිස රෝස මල් පෙති සහ මහරාජ් ගේ සිරුරේ ගැල්වීමට චන්දන ද රැගෙනවිත් තිබුණත්..
කී වරක් විවර කිරීමට අවසර පැතුවත් කුටිය තුළින් හ්ම් හඬක් වත් ඇසුනේ නැහැ.
ඒ අවස්ථාවේ එතැනින් යමින් සිටි රාජ්කුමාර් අර්ජුන් කුටියෙන් පිටත සිටින සේවකයින් දෙස නොපහන් බැල්මක් හෙලමින් කතා කළේ ඔහුගේ හඬට කලබල ව සිටි සේවකයන් තවත් ගැස්සී යද්දි.කුමක්ද මෙතන සිදු වන්නේ.....?
නුඹලා කුමක්ද මහරාජ් ගෙ කුටිය අසල සිටගෙන සිටින්නේ...?අර්ජුන් පැළඳ සිටි නීල වර්ණ උතුරු සලුව ගසා දමමින් ප්‍රශ්න කරද්දී හදවතට බියක් නැගුණත් සේවකයන් ඔහුට හිස නවා ආචාර කරමින් පිළිතුරු සැපයීමට වුණා.
ප්‍රණාමය රාජ්කුමාර්...
මහරාජ් ගේ කුටියට ඇතුල් වෙන්න අප අවසර පතන්නේ හෝරාවකට ආසන්න කාලයක් තිස්සේ..
නමුත්....
නමුත් මහරාජ් ඇතුලට පැමිණෙන්නට තවමත් අවසර දුන්නේ නැහැ....කුමක්....?
එසේයි රාජ්කුමාර්..
සිටිනු මා අමතා බලන්න..
එසේ කියමින් අර්ජුන් ද්වාරයට තට්ටු කළත් ඇතුලෙන් කිසිඳු ප්‍රතිචාරයක් හිමි වුණේ නැහැ.
මහරාජ්.... මා අර්ජුන්...
ඇතුලට පැමිණෙන්න අවසරද....? ඔබතුමා හොඳින් නේද...?
මට කමා කරන්න. මා ඇතුලට පැමිණෙනවා....අර්ජුන් කෝපයෙන් ද්වාරය විවර කරගෙන ඇතුලට ගියේ සඳ මඩලක් වන් තරුණයෙක් ව ළයට ගුලි කරගෙන නිදන ශිව ව දකින්නට සිතාගෙන.
නමුත්....
රාජකීය යහන් ගැබ පෙරදින රැයේ මහරාජ් වෙනුවෙන් සැකසූ අයුරින් ම පැවතුණා. සයනය පමණක් නොවේ... මුලු කුටියම පැවතුනේ ඉතාමත් ප්‍රසන්න පෙනුමක් සහිතව. අර්ජුන් දුටුවා කවුලුවෙන් ඉතා අපූරුවට සිරියහන මතට හිරු එළිය වැටෙන අයුරු.
නමුත් මහරාජ් ශිව හෝ සමනලිය දක්නට නොලැබුණා.
![](https://img.wattpad.com/cover/361653665-288-k981177.jpg)
ESTÁS LEYENDO
නෘත්‍යා... JIKOOK NONFICTION ✔️
No Ficciónනර්තනයේ යෙදෙන දෙව්ලියන් පැරදූ සුරූපී චන්ද්‍රයා කවුරුන්දැයි මම සොයා ගිය ගමන අවසන් වූයේ ඒ චන්ද්‍රයා මගේ ළයෙහි සඟවාගෙන ආදරය කිරීමට පටන්ගෙන යැයි මා මොහොතකටවත් සිතුවේ නැහැ.... ~ යුවරාජ්.... ඔබේ ප්‍රේමය නොවන්න මට ජීවත් වෙන්න හේතුවක් නැහැ... සියල්ල අහිමි...