Lash POV_.....
මට කෑම කාමරේදි ලැබුණ කම්මුල් පාරට පින් සිද්ධ වෙන්න හිතේ තිබ්බ බර ගතිය නැති වුණා....
හරිම මාන්දමිකයි නේද???
අර දවල් ඉඳන් තිබුණ ඔලුවෙ කැක්කුම් පෑල දොරෙන් පැනල ගිහින්...
යෙස්.... මගෙ දීර් .....ඔයා ඇවිත්.... ඒත් ඔයා කිව්වෙවත් නැහැනෙ... මම ඔයාව මෙහෙදි දකින්න බලාපොරොත්තු වුණේ නෑ. ඔයාව මෙහෙදි තියා ආයිම කවදාවත් දකින්න ලැබෙයි කියල හිතුවෙත් නෑ.....දැන් මං නිදහස්... ඒත් මං හිතනව වගේ ඇත්තටම මං නිදහස් ද?
තාත්තා කම්මුලට ගහල මෙතනින් පලයන් කියල කිව්ව කිව්වමයි මං ආවෙ ජෙට් එක වගේ.... එතන මොනව වුණාද කියලවත් මම දන්නෙ නෑ.. මොනව වුණත් මට මාරම හැපී...
.
.
ඒත්......
දෙයියනේ....
මං අර මොනවද කිව්වෙ....
කෝ මේ අම්මිවත් නෑනෙ. ඒත් දැන් මොනවද මං කියන්නෙ??......
අර ගොන් නෑම්ඹි....
හපෝ.... මට විසුමක් වෙන්නෙ නෑ ඒ ලම හෝන්තුව දැනගත්තොත්...."චූටී...චූටී..."
" ඕඕඕඕ "
" චූටි... මොනාද බූරුවො අර කිව්වෙ...."
" මම..."
(මම දැන් මොනාද කියන්නෙ.... මට තේරෙන්නෙ නෑ... මෙයාට ඇත්ත කිව්වොත් ... ඒත් මට දීර් ගැන නොකියා කසාදෙ....ආශ්......Why Me....)
" මොකද මේ ඔලුවත් අල්ලගෙන කෑ ගහන්නෙ.... ඔයා මට කිව්වෙ නෑ ඔහොම දෙයක්... ඔයා කිව්වෙ ඔයා පිරිමි ළමයින්ට කැමතී කියල විතරයි. කොහොමද කෙල්ලෙක්ව බැන්ඳෙ එතකොට.."
" මම"
" මම මම ගානව මොනව හරි කියනව.. පල්ලෙහාදි තමුසෙ නටපු ඒ නාඩගම මොක්ද්ද කියනව...ඔක්කොටම කලින් කියනව මොනාද හංගන්න ට්රයි කරන්නෙ.... "
" අක්කි.."
" අක්කි තමා... චූටි.. ඔයා මොනවද මේ කරන්නෙ...ඔයාට මේක සෙල්ලමක්ද? ඔයා කිව්ව නිසාම මම පර්සනලිම ජිලන් ගෙ කේස් එක බාර දුන්නෙ තාත්ත කිව්ව කියලා පාවල දීලා. ජීවිතේ පලවෙනි වතාවට තාත්තගෙ නම ඉස්සරහට දාල වැඩක් කරවගත්තා. දන්නවද කවදාවත් නැමෙන්නෙ නැති මනුස්සයෙක්ට ළඟටම ගිහින් මම මේක බාර දුන්නෙ..ඒක රිපෝර්ට් එකත් මටම ගෙනත් දෙන්න කිව්වෙ මේකෙ වටිනාකම මමත් දන්න නිසා. ඒ මිනිහා මේක තාත්තට නිකමට හරි කිව්වොත් තමුසෙත් ඉවරයි මාත් ඉවරයි චූටි මල්ලි. ඔයා දන්නවද මේකෙ රිස්ක් එක කොච්චරක්ද කියලා? මම මෙච්චර දේවල් කරන්නෙ ඔයා වෙනුවෙන්. ඒත් ඔයා මේ ... මට තේරෙන්නෙ නෑ....අනික ඔයා නිහඬ චරිතයක්. මෙච්චර ෆෝවඩ් වුණේ කොහොමද"
YOU ARE READING
කළු කුහර
Mystery / Thriller......ඉතින් සමුගන්න අවසරද... .. .. .. එපා කිව්වොත් නොයා ඉන්න පුලුවන් අවස්ථාවකද අපි මේ ඉන්නෙ... 🥺🍎