තුන්වෙනි දිගහැරුම🤍

211 13 14
                                    

''බය වෙන්න දෙයක් නෑ මිස්ට කාරියවසම්,තෙහෙට්ටුවටයී වොමිට් වුන නිසායී පාරමීව ෆේන්ට් වෙලා තියෙන්නේ..

අනික ප්‍රෙග්නන්සි මුල් මාස තුන කොහොමත් වොමිට් ගතිය කලන්ත  ගතිය එනවා.., ඒක සාමාන්‍ය දෙයක්, ඒත් මිස්ට ඔයා ඔයාගේ හස්බන්ඩ් ගැන මීට වැඩිය සැලකිලිමත් වෙන්න ඕනේ ,මොකද මුල් මාස තුන තමයි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ...´´

''මට තේරෙනවා ඩොක්ටර් ඇන්ඩ් තැන්කියූ සෝ මච් මේ වගේ වෙලාවක ඉක්මනට ආපූ එකට..!!´´

''ඉට්ස් ඕකේ මිස්ට කාරියවසම්,වර්ශ කියන්නේ මගේ හොද යාලුවෙක් එයා කියපු නිසයි මම ආවේ...´´

කිසි දෙයක් පේන්නේ නැති කලුවරක ඉන්නකොට ලාවට කටහඩවල් ටිකක් මගෙ වටෙන් ඇහෙද්දී මම හිමිහිට ඇස් ඇරියා...

''ම්හ්හ්..´´

'' පාරමී කොහොමද දැන් ඇගට අමාරු ගතියක් නෑ නේද..´´

  වෙද නළාවක් අතේ තියාගෙන ඩොක්ටර් කෙනෙක් කියලා කියන්න පුලුවන් වැඩි වයසක් පේන්නැති මනුස්සයෙක් මන් හිටපු ඇද ලගට ඇවිත් ඇහුවම.. මම ඔලුව දෙපැතට යන්තම් හොල්ලලා නෑ කිව්වා..

''ඕකේ , එහෙනම් මගේ රාජකාරිය ඉවරයි..මම එහෙනම් යනවා..´´

''අහ් කවුද මාව මෙතනට ගෙනාවේ, කොහෙද සියූ,එතකොට ඔයා කවුද??´´

''අම්මෝ පොඩ්ඩක් හුස්ම අරන් කතා කරන්න..

අහ්.. මුලින්ම කියන්නම් මගේ නම කසුන්ක.. කසුන්ක සෙනෙහස්.. එතකොට ඔයාව මෙතන ගෙනාවේ වර්ශ..ඔයාගේ හස්බන්ඩ් එලියට ගියා...´´

''එතකොට ඔයා ඩොක්ටර් කෙනෙක් ද..??´´

''අහ්.ඔව්නේ මම ඩොක්ටර් කෙනෙක්..´´

''අහ් පාරමී එහෙනම් මම යනවා, මම ලොකු වැඩක් කරන ගමන් හිටියේ, මම ඔයාගේ හස්බන්ඩ්ට කියන්නම් ඔයාට සිහිය ආවා කියලා..

එහෙනම් ගුඩ් බායී...😊´´

''ගුඩ් බායී ඩොක්ටර්...😊´´

මම හිනාවෙලා කියද්දී ඩොක්ටර් කසුන්කත් මටත් හිනා වෙලා යන්න ගියා..

පාරමී හිටපූ රූම් එකෙන් එලියට එන ගමන් කසුන්කට හිතුනේ වයසත් විසිතුනක් බවත් ඇත්ත.දරුවෙක් හම්බවෙන්න ඉන්න බවත් ඇත්ත.ඒත් ඒ හැසිරීම ගත්තම තනිකරම අවුරුදු පහලවක දාසයක පොඩි කොල්ලෙක්ගේ හැසිරීමක් තියෙන්නේ, ඊටත් වැඩිය කිසිම කෙනෙක් ගැන වැඩිය කෙයා කරන්නේ  නැති වර්ශ තකහනියක්ම තමන්ට කෝල් කරලා ගෙන්න ගන්න තරම්. ඒකත් තමන්ගේ වෙඩින් එක දවසෙම....

NOT A STEP MOTHER🤍 (Male preg,Non FF)  Where stories live. Discover now