0_1

1.6K 142 112
                                    

සලාං 💥💥💥

" අදත් ලොක්කට තරහා ගිහින් වගේ සර් "

" තරහා නොයා තියෙයිද අයිසේ ටියුශන් යන පොඩි උන්ට බඩු දෙද්දි...උන් විතරක් නෙවෙයි ගන්න පොඩි උනුත් දැනගන්න එපැයි"

" අද නම් පොඩි උන්ට බේරුමකුත් නැති වෙයි සර් "

සලාං 💥💥

☎️☎️☎️

" අන්න සර්...මං හිතන්නේ ඔය සර්ට "

☎️☎️☎️

" සර් "

"............"

" හරි සර් "

       දැන් වෙලාව උදේ 11 පහු වෙන්න ඇති,මීට මාස තුනකට උඩ දී අලුතෙන් මහනුවර ස්ථානාධිපති විදිහට පත් උන මම මේ කාල සීමාවෙම කරේ මට පැවරුන ලොකුම රාජකාරිය විදිහට තරුණ ළමයි අතරේ හුවමාරු වෙන කුඩු ගංජා අල්ලන එක.....අද කියලත් වෙනසක් නෑ,අදත් නුවර ප්‍රධාන පෙලේ හෝල්ඩ් ක්ලාස් යන ළමයින්ව ටාගට් කරලා අහු මුලු වල කාටත් හොරා අතින් අතට බෙදිලා යන කුඩු වල ප්‍රතිඵලයක් අහු උනා....මේවා මෙහෙම නෙවෙයි...කොහොම ඇල්ලුවත්......ලොකු අතු ඉන්න කල් මේවා නතර වෙන්නෑ,

" සර් "

" මුන්ව ඇතුලට දානවා,මේක අස් කරන්න කෙනෙක් එවනවා "

" හරි සර් "

      ඇතුලට ආව SI ට එහෙම කිව්ව මම ලේ ගලන අතත් ලේන්සුවෙන් බැදගෙන වොශ්රූම් එකට ආවේ ලේ ගෑවුන යුනිෆෝම් එක පිහද ගන්න....

" ශිට්....කෝ මේකෙ ඇතුලේ තිබ්බ ටිශූ පෙට්ටිය "

     සින්ක් එක ලග තිබ්බ ටිශූ පෙට්ටිය නැති තැන ලේ ගෑවුන ලේන්සුවෙන්ම අත පිහදගෙන ඇවිත් මං වාඩි උනා.....තව නඩුවක් වගේ.....

" එන්න "

" වාඩිවෙන්න "

        ඇවිත් හිටියේ වයසක අම්මා කෙනෙක් වගේම සකරමොටන් ගෑනු කෙනෙක් වෙද්දි මං වයසක අම්මා දිහා වගේම ඇවිත් උන්න ගෑනු කෙනා දිහා බලලා වාඩිවෙන්න කියද්දි SI බණ්ඩාර මට පැමිණිලි කොලේ එක්ක පොත දික් කරා,

" ඉඩම් ආරවුලක් ??? "

     ඇස් පොත දිහාම තියාගෙන ඔලුව උස්සන්නෙ නැතුව මං එහෙම අහද්දි අර ගෑනු කෙනා ඔව් මහත්තයා කිව්වා....මං බැලුවේ වයසක අම්මා දිහා වෙද්දි ඒ මනුස්සයා ඇස් වල කදුලු පුරවගෙන මං දිහා බලන් උන්නෙ පුදුම අසරණකමෙන්,මේසෙට අත් තියලා බර උන මම SI බණ්ඩාර දිහා බලලා ආයෙම පැමිණිලි පාර්ශ්වය දිහා බැලුවා,

The_GameWhere stories live. Discover now