0_2

639 116 69
                                    

" අම්මා "

" ආහ් මේ නාගෙන ඇවිත් තියෙන්නේ අමා අපෙ එක්කෙනා "

       සාලෙට ආව මම දැක්කේ අමෝදි ඇවිත් ඉන්නවා...කාගෙ කවුද කියනවා නම් අමෝදි කියන්නේ අම්මාගෙ නංගිගෙ දුව වෙද්දි,පොඩි කාලේ ඉදන් එකට හැදුන මට මේ කෙල්ලව මගෙම සහෝදරියක් උනා වෙද්දි ඇදන් උන්නු සරමේ කොනක් කකුලෙන් උස්සලා ගත්ත මම කරට දාගත්ත තුවායෙන් තෙත කොන්ඩෙත් පිහ පිහම අම්මලා ඉන්න තැනට ගියා,

" කාලෙකින් මේ පැත්ත මතක් වෙලා තියෙන්නේ "

" මට අමතක උන වෙලාවක් කියන්නකෝ සුදු අයියා "

" ඒක ඉතිං මං දන්නවාද හලෝ"

        මට රවපු කෙල්ල ෆෝන් එක ඔබන්න ගනිද්දි ඉදගෙන හිටපු තැනින් නැගිටලා මං ලගට ආව අම්මා මගෙ කොන්ඩේ අතරින් ඇගිලි යැව්වා,

" කොච්චර කිව්වත් අහන්නෑ මේ ළමයට රෑට නාන්නෙපා කියලා...හොදට පිහදගන්න මං තේ හදන් එන්නම් දෙන්නාටම "

" ලොකු අම්මා ඉන්න,මං හදන්නම් "

" තමුසෙ සීනි බෝතලේම කෝප්පෙට හලන්නෙ එහෙම නෑ "

" බොන්න බැරි නම් නිකං ඉන්නවා සුදු අයියා"

" කට වහන් ඉන්න ලොකූ "

      අතේ තිබ්බ තුවාය මගෙ අතින් ගත්ත අම්මා ඔලුව ගැලවිලා අතට එන විදිහට පිහදැම්මා...මං බලන් උන්නේ අප්පච්චි එනකල්,තාම නෑ කොහෙ ගිහින් ද මන්දා,

" අප්පච්චි කෝ අම්මා"

" රත්නෙ මාමා එක්ක යාලුවෙක්ගෙ මල ගෙදරක ගියේ"

      මං ඔලුව වැනුවා,කුස්සියේ කෝප්ප වැදෙන සද්ද ලාවට ඇහෙද්දි මං දාලා තිබ්බ ටීවි එක දිහා බැලුවා...7 හමාර පහු වෙලා තියෙද්දි මං බැලුවේ මේ රෑ අමෝදි යන්නේ කොහොමද කියලා.මං අම්මා දිහා බලලා ඒක අහන්නත් ගියත් මට කලින් අම්මා ඉස්සර උනා,

" ලොකූ"

"ම්ම්ම්"

" තරහා ගන්න එපා මං මේ කියනදේට "

"ම්ම්ම්"

       පුරුදු තැටිය ප්ලේ කරන්න යන බව දන්න මම හූමිටි තියලා නිකන් උන්නා...කොච්චර පැහැදිලි කරත් පිලිගන්නෙ නැත්තං මට කරන්න දෙයක් නෑ...කොන්ඩෙ තෙත මාත්තු කරපු අම්මා තුවාය මගෙ පපුව වැහෙන්න දාලා මගෙ ඉස්සරහ තිබුන කුශන් පිටුවෙන් ඉදගත්තම මං මට නෙවෙයි වගේ නිවුස් බැලුවා,

The_GameWhere stories live. Discover now