1_1

579 80 38
                                    

   මට අතේ තිබ්බ වතුර වීදුරුව අතෑරිලා යනවත් එක්කම නිදාගෙන උන්න කොල්ලා ගැස්සිලා ඇහැරුනා,

" තමුසෙ දැන්ද ඕයි කියන්නේ....සුමුදු කෙල්ල හිටියේ ඔයාලා එක්ක හින්දානෙ හලෝ මං හෙව්වෙ නැත්තේ "

" අනේ ලොකූ "

      මට ඇඩෙන්න ආවා.අවුරුදු 5ක් වෙන්නත් ලගයි කෙල්ලට ලබන මාසෙට...මේ අවුරුදු කීපෙට කෙල්ලව ඔහොම තනි කරලා නැති උනත් අනේ පවුලේ උන් ඉන්නවනෙ කියලා මං හිත හදාගෙන වැඩ කරන්න ගත්තේ ඒකයි....කන ගමන් උන්න හේශුත් කන එක පැත්තකට කරලා ෆෝන් එක කනේ ගහන් කාට හරි කතා කරද්දි මං සුමුදු දිහා බැලුවා..ඒකි හම්බානෙටබය වෙලා,

" කෝ අම්මා...කොල්ලව දෙන්නවත් බයයි ඕයි...එකෙක් හොයන් එද්දි අනිකා නැති උනොත් මට බෙල්ලෙ වැල දාගන්න වෙයි "

" නැන්දා දෝණිව හොයනවා "

       මං කොල්ලව අතේ තියාගෙනම අඩියට දෙකට ටීශර්ට් එකක් දාගත්තා.මගෙ පපුව හෝ ගාලා ගැහෙනවා...ජීවිතේ මං දරුවෝ හින්දා මෙච්චර බය උන පාර මේක වෙද්දි මං ෆෝන් එකත් අරන් එන්න ආවත්,

" අප්පච්චි......හ් අප්පච්චි යන්න එපානේ "

      දෝනිගෙ කටහඬ ඇහෙනවත් එක්කම අඩන්න ඔන්න මෙන්න උන්න කොල්ලා එහෙන්ම මගෙ බෙල්ල බදාගත්තා වගේම මං ඒ කටහඬ ආවේ කොහෙන්ද බලන්න වටපිට බලද්දි හේශ්ගෙ ඇස් ඇද යටට ගියා,

" මැණික...."

" අප්පච්චිවෝ "

         මං එහෙන්ම කොල්ලවත් වඩාගෙන බිත්තියට වාරු වෙලා ලොකු හුස්මක් ගත්තා...දෙයියනේ කෙල්ල ඉන්නවා.......

" පබේශා තමුසෙ ඉන්......."

" සුමුදු යනවා එළියට "

දඩස් 💥

     මං දොර වැහුවා...කෙල්ලගෙ කටහඩින්ම තේරෙනවා ඉන්නෙ බය වෙලා ක් කියල....අඩන්න වගේ කතා කරන කෙල්ලට සුමුදු සැරෙන් කතා කරද්දි කාමරේට අඩිය තියන්න  යද්දිම මං දොර වහලා දැම්මේ හේශ් ඇතුලේ ඉද්දිමයි,

" සුදු අයියා "

" මට මේ වෙලාවේ ඉන්නෙ තමුසේ විතරයි හේශ් විශ්වාස කරන්න පුළුවන් එකෙක්ට....කාලා ඉවර වෙලා කොල්ලව පොඩ්ඩක් බලාගන්නවද "

The_GameWhere stories live. Discover now