" අම්මෝ බන් මේකේ ලස්සන ..අවුරුදු 4ක් නෙමේ ජීවිත කාලෙම වුනත් මෙහෙ ඉන්න හිතෙනවා බන්..."
කැම්පස් එකට අඩිය තිබ්බ විතරක් මගෙ ප්රාණසම මිතුරියගේ හැකර කට ඇරුනා...
" අනේ බන් විනූ මේ... මේන් වැන්දා මෙහෙදිවත් උබේ හැකර කට වහන් හිටහන් හොදේ නැත්තන් ස්කෝලෙදි වගේ කොහෙවත් නැති පරිප්පු තමා කන්න වෙන්නෙ හරිද..."
" හරි හරි සුදූ... බය වෙන්නෙපා මන් ශේප් එකේ ඉන්නම්කෝ.. ඒක නෙමේ මේ මෙහෙ ශෝයි අයියලා එහෙම නැතිවෙයිද දන්නෙ නෑ නේද.."
" අනේ මේ වරෙන් යන්න..."
"ඕකනෙ බැරි.. උබලගේ අම්මා කියන එක හරි උබට කොල්ලො පෙන්න බෑනේ.."
..කියව කියව කැම්පස් එකේ අපේ සෙක්ශන් එක හොය හොය යද්දි රැග් කරන සෙට් එකට මාට්ටු.. දැන් ඉතින් රැග් කාපන්කෝ...
" ඒ මේ ශෙනුවෝ මේ සිනියර් රැග් කරන එවුන් ඕයි... අනේ අර කොල්ලගේ ලස්සන බලනවකෝ.. එයාගෙන් නම් රැග් එකක් කෑවත් කමක් නෑ අනා..."" අනේ මේ තොට ඕන්නම් තනියම රැග් කාපන්. මට කොහෙවත් ආසවක් නෑ හොදේ.. මේන් මෙහෙ වරෙන් යන්න. ලස්සන බලාගමු පස්සේ..."
" ඒයි ඒයි.. ඔය ඩබල කොහෙද යන්නේ.. ඔව් ඔව් තමුසෙලා දෙන්නට තමා. ශේප් එකේ මාරු වෙන්න නේද හැදුවේ.. මෙහෙ එනවා ඉතින්."
...දැන් හරිනේ මේකිගෙ නැටිල්ල නිසා ශෙප් එකේ යන්න තිබ්බ එකත් නැති වුනා මොනා කරන්න වෙයිද දන්නෙ නෑ....
ම්ම්.. මන් එයාව දැන් තමා දැක්කේ.. ඇත්තටම එයාගේ අමුතු පෙනුමක් තියෙන්නේ හැබැයි නපුරුයි වගේ කෙල්ලෙක් ඉන්නවද දන්නේ නෑ.." ඕයි ගෑනියේ.. මේ ලෝකෙට වරෙන් බන්."
විනූ මගෙ කන අස්සෙ කුටු කුටු ගාද්දි තමා එයාගේ සිහියෙන් මන් මිදුනේ...
" දෙන්නගෙම නම් කියමු බලන්න.."
එයත් එක්ක හිටපු අනිත් කෙනා රැග් කරන්න පටන් ගත්තා.. අපිට එහායින් තව සෙට් එකක් රැග් කරවනවා අනේ ඒව දකිද්දි නම් මොකට කැම්පස් ආවද කියලා හිතෙනවා..
" මම වින්ද්යා.."
" වින්ද්යා විතරද ඇයි නම ආ..."
" වින්ද්යා ආශිංසනී ජයකොඩි.. "
" එතකොට ඔය ලමයට බුලත් දෙන්න ඕනිද.."
" මන් ශෙනායා නෙතුමිණී සමර්කෝන්.."
" නම් දෙක නම් හොදයි.. මොකක්ද දෙන්නට දෙන රැග් එක.. කියහන්කෝ සහසෝ"
එතකොට එයාගේ නම සහස්.. එයා වගේම තමා නමත්.. අනේ මන්දා මටත් රැග් එක අස්සෙ හිතෙන දේවල්..
" බැග් එක ඔලුවෙ තියාගෙන හාවෝ පනින්න කියහන්. කොහොමත් මුන් පනින්න දක්ශයිනෙ. "
" අන්න පොයින්ට් එක මචෝ.. හරි හරි දෙන්නම වැඩේ පටන් ගන්න.."
ඔය වෙලාවට තමා ඉතින් පෙනුම අමතක කරල මූන නෙලන්න හිතෙන්නේ . අනේ අම්මපා වෙන දෙයක් හිතුනෙම නෑනේ මේ කොස් ඇට ගෙම්බට.
...Nethra..💗