part 2

1 0 0
                                    


" කො කෝ පටන් ගන්න ඩබල "

   " කරන්න දෙයක් නෑ බන් දැන් ඉතින් කරන්නම වෙනවා.."

       මේ වෙලාවට තමා යාලුවා කියලා බලන්නෙ නැතුව මේකිගේ හක්ක තලන්න හිතෙන්නේ...

    " ඇයි දැන් තෝ මහලොකුවට කීවේ අර ගෙම්බගේ අතින් රැග් කෑවත් කමක් නෑ කියලා. දැන් ඇද්ද තොට.."
............

" මගේ කකුල් දෙකත් රිදෙනවා  විනූ.. බලහන්කෝ පලවෙනි දවසේ ලෙක්චර් කාරයගෙනුත් බැනුම් ඇහුවා.. අරුන් ටික නිසා දවසම දවසම කාලකන්නි වුනා..."

" අනේ ශෙනුවෝ කට වහපන්කො බන්.. කන් දෙක කීන් ගානවා.."  

අනේ අම්මපා කීන් ගාන්නම දෙන්න හිතයි මට මේකිට..... ආයේ නම් කිසි මරාලයක් නැතුව යහතින් ගෙදර ඒගන්න පුලුවන් වුනා..

    " මොකෝ සුදූ මේ... පලවෙනි දවසෙම කැම්පස් එක එපා වුනාද මගෙ කෙල්ලට.."

....   ඔය තමා  ඉතින් මගේ හැම දේටම ඉන්න මගේ අම්මා පන...

" එපා වෙන්නේ නැද්ද අම්මේ...  ශේප් එකේ රැග් එකෙන් මාරු වෙන්න  හදද්දි අර ගොන් විනූ කච කච ගාලා අහුකරා... "

  "දැන් මොකක්ද දෙන්නට කරන්න වුනේ.."

" බෑග් ඔලුවේ තියන් හාවෝ පැන්නා විනාඩි ගානක්.. ඒ මදිවට ලෙක්චර් එකට පරක්කු වුන නිසා ලෙක්චර් කාරයා බැන්න බැනිල්ලක් රෙද්ද ලෙෆ්ට් ඉතින්.."

" මොකක්ද  සුදූ ඔය කතා කරන විදිහ.. ගෑනු ලමයෙක් නේද... තාත්තට ඇහුනොත් එහෙම "

                
" තාත්තා මට මොකුත් කියන්නෙ නෑ අනේ..."

" ඔව් ඔව් එයා තමා ඔයාව හුරතල් කරලා තියෙන්නෙ..."

  " ඔන්න ඔන්න ඉතින් මගෙ පැත්තට බෝලේ කැරකෙන්න වගේ හදන්නේ..."

" තාත්තේ.... ඔයා කලින් ඇවිත් අද..."

" වැඩ ගොඩක් කරන්න කියලා තිබ්බෙ නෑ ලොකූ.. ඒනිසා ඉක්මනට එන්න පුලුවන් වුනා.. කොහොමද ඉතින් ඔයාගෙ කැම්පස් ලයිෆ් එකේ ස්ටාර්ට් එක.."

" ඒ ගැන නම් කතා කරන්නෙපා තාත්තේ... අර මෝඩ විනූ නිසා රැග් එකකුත් කන්න වුනා... එතනින් ශේප් එකේ යන්න තිබ්බා... ඒ පිස්සිගේ කටේ සද්දෙට අතේ මාට්ටු.."

"ඕවාට වොරි වෙලා බෑ ලොකූ . දැන්ම ඉදන්ම පුරුදු වෙන්න.. ඉස්සරහට ඔයිට වැඩි වෙන්න පුලුවන් හොදේ..".

" හරි හරි තාත්තයි දුවයි දෙන්නම වොශ් එකක් දාන් එන්න කයිය ගහන්න ගත්තම ඔක්කොම අමතකයි.."

" බෝම්බේ පුපුරන්න ලගයි හොදේ මාරු වෙන එක ඇගට ගුනයි..."

එහෙම කියලා මන් කාමරේට දීවා...

" ලොකූ... මට ඒක ඇහුනා හරිද.. එනවකෝ පල්ලෙහාට මන් අල්ල ගන්න..." 

අම්මගේ කෑගැහිල්ලේ සද්දේ ඇහෙද්දි ඇහුන්නෙ නෑ වගේ මන් බාතෲම් එකට රින්ගගෙන හිතේ හැටියට නා ගත්තා...
                  
       {...............
                                         
...............💘. සහස්ගේ වචනෙන්...................

" සුදු බේබී... මන් බොන්න මොනාහරි හදන්නද බේබිට..."

" එපා කමලා.. මමී නැද්ද. "

" ලොකු නෝනා වින්ඩි බේබිව බලන්න ගියා බේබි.."

" හ්ම්ම්.." 

මමීටත් පිස්සු.. ඒ මේකප් තට්ටුවගේ මොනා බලන්නද. ගෙදර එන එකත් එක්ක එපා වෙනවා මේ දේවල් නිසා... කිසි කෙනෙක් නෑනෙ ගෙදර... මන් හිතන්නෙ කමලා මන් ගැන දන්න තරම් දේවල්වත් මමීවත් ඩැඩීවත් මන් ගැන මොකුත් දන්නෙ නැද්ද කොහෙද..... එක එක දේවල් හිත හිතම වොශ් එකක් දාගත්තේ ක්ලබ් එකට යන්න කියලා මොකද තව ටික්කින් මමී ආවම අර මේකප් තට්ටුව ගැන කියවන්න ගනී ....

.............💘.ශෙනායාගේ වචනෙන්..............

මහන්සි නිසා කලින්ම නිදා ගන්නවා කියලා ඇදට ආවා.. ෆෝන් එක අරන් බලද්දි විනූගෙන් මැසේජ් ඇවිත් තිබ්බා....ඒවටත් රිප්ලයි කරලා එහෙම්ම ඉතින් මගෙ සැනසීම හොයන් ඇදට වැටුනා..

.......එක පාරටම උඩ ගිහිල්ලා ඇහැරුනේ හීනෙන් දැක්ක දේ නිසා..... කීයටවත් හිතන්න බෑ එහෙම දෙයක්.. මගේ හිතේ කොනකවත් එහෙම දෙයක් තිබ්බේ නෑ... ඒ කොස් ඇට ගෙම්බා මට ආදරේ කීවා මුලු කැම්පස් එකම ඉස්සරහා.. දෙයියනේ..... දාඩියත් දැම්ම ඒකට නම්....
                                                     ...Nethra..💗

   😍මගේ නපුරාහ්....💘Where stories live. Discover now