"තාත්ති අනේ තාත්ති ඔයා නැතුව පාළුයි"
"මටත් පාලුයි තමයි පුතේ"
"තාත්ති එනව නේද ඉක්මනට "
"Yes I will come soon දුව"
"Daddy where is granny"
"Granny and grand pa went for a walk පුතා "
"හ්ම් තාත්ත නැතුව අම්මයි මල්ලිත් ගොඩක් පාලුවෙන් ඉන්නේ"
"ඒ දෙන්නට හවස ගත්ත පුතා කෝල් එකක්.මං ඉක්මනට එන්නම්කො ආච්චි සීයයි එක්ක"
"හරි තාත්ති තියන්නම්.පරිස්සමෙන් ඉන්න බුදු සරණයි"
"I love you දුව"
"I love you too තාත්ති "හ්ම් තාත්ත නැති පාළුව දැන් දැන් තදට දැනෙන්න අරගෙන මට.තාත්තා ගිහින් දැන් අවුරුදු දෙකක් තාත්තට අයිය කෙනෙක් ඉන්නවා.එයා නම් මැරි කරේ එහෙ girl කෙනෙක්.ඒ aunti ගොඩාක් හොඳයි.granny, සීයයි අපිට ගොඩක් ආදරෙයි.මාමලට ඉන්නේ දුවයි පුතයි එයාලා අපි එක්ක පට්ට ෆිට්.එයාලට හොඳටම සිංහල බැරි වුනත් සාමාන්‍යයෙන් කියන එකක් තේරුම් ගන්න චූටි චූටි වාක්‍ය කියන්න පුළුවන්.කලින් නම් අපේ තාත්තගේ බිස්නස් බලා ගත්තෙත් මාමා
ඒත් මාමාට දැන් වැඩ වැඩි නිසා තාත්ත තමයි එහෙ ගිහින් දැන් එයාගේ බිස්නස් ටික බලන්නේ.මෙහෙ තියෙන වැඩ නම් මල්ලි සාමාන්‍යයෙන් සතියකට සැරයක් වගේ ගිහින් බලනවා. ලොකුවට තේරුන් නැති උනත් එයාට පුළුවන් විදියට එයා ඒ ටික බලා ගන්නවා.මට හරිම ආඩම්බරයි මගේ මල්ලි ගැන. ඒ පුංචි එකා දවසින් දවස ලොකු වෙද්දී අක්ක කෙනෙක් විදියට මට හරී ලෝබයි.අපි අන්තිමටම ඕස්ට්‍රේලියා ගියේ මීට අවුරුදු හතරකට කලින්.එතකොට මම දහය වසරේ.අපි හතර දෙනා එකතු වුණාම movie night දානවා, games play කරනවා,ඇති තරම් ඇවිදිනවා,රෑට නැගිටන් ice cream කකා හොල්මන් කතා කියද්දී තමා ගොඩක්ම ශොක්."හායි ෂනා කියපන්"
"අපේ daddy හදන්නේ මාව ප්‍රයිවට් කැම්පස් එකකට දාන්න බන් results ආව ගමන්"
"ඉතින් ශෝක් නේ"
"ශෝක් තමයි හොඳම වැඩේ අපි හතර දෙනාම යනවා"
"wow ඔය ඇත්තටමද උඹ කියන්නේ?
ඔයා කියන්නේ ඔයාගේ dada අපේ හැමෝගෙම තාත්තලා එක්ක කතා කරා කියලද"
"ඔව් ඔව් බං"
ශා... මරුනේ අපේ තාත්තා මට නිකමටවත් කිව්වේ නෑ බල්ලෝ "
"මං කිව්වා උඹට කියන්න එපා කියලා. හොඳම වැඩේ මේකෙන් ගොඩක්ම සතුටු වෙන්නේ ෂෙහා"
"ඒ ඇයි "
"එකි තමය් campus එක select කරේ"
"එහෙනම් ඉතින්"
"අනිවාර්යෙන්ම අවිෂ්ක අයියා ඉන්න කැම්පස් එක" කියලා අපි දෙන්නම එකට කෑ ගහලා මහ නසරාණි විදියට හයියෙන් හිනා වුනා.