Chapter 43

1.3K 196 168
                                    

Comment goal 100

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Comment goal 100

ඔපරේශන් එකෙන් පස්සෙ දවස් දෙකක් ගතවෙලා තිබුනා... මේ දවස් දෙක ඇතුලත සෝල් එයාගෙ ඩැඩාට තවත් ලන් වුනා වගේම සෝල්ට දැන් එයාගෙ ඩැඩාව නැතුවම බැරි වුනා... එයා උත්සහ කරේම ජන්කුක් අස්සෙ දැවටි දැවටි ඉන්න. ජන්කුක් දෙන ආදරේට එයාගෙ චූටි පැටියට හරි ලෝබ හිතිලා. ඒත් සෝල්ගෙ මමාට නම් සෝල්ගෙ ඩැඩාගෙන් මේ ගෙවුනු දවස් දෙක ඇතුලත එක මොහොතකවත් හොද ප්‍රතිචාරයක් නම් ලැබුනෙ නෑ... ජන්කුක් සෑහෙන්න ටේහියුන්ව නොසලකා හැරියා... එයා හැසිරුනේ හරියට ටේහියුන් කියලා කෙනෙක් එතන නැති ගානට. ඒ වගේම ජන්කුක්ගෙ වචන නිසා ටේහියුන් මේ ගෙවුනු දවස් ඇතුලත හිසේකෙස් ගානටත් වඩා හිත රිද්දගෙන ඇති.

ටේහියුන් හිටියෙ සෝල්ගෙත් ජන්කුක්ගෙත් බඩු පැක් කරන ගමන්. එයාලව අද ඩිස්චාජ් කරනවා... ඒත් ටේහියුන්ට හිතාගන්න බෑ සතුටු වෙන්නද දුක් වෙන්නද කියලා... මේ වෙලාවෙ ටේහියුන්ගෙ තත්වෙ ගැන කිව්වොත් එයා පිටතින් සාමාන්‍යයි වගේ හැසිරුනාට හිත ඇතුලෙන් කියාගන්න බැරි තරමට නොසන්සුන් වෙලා හිටියෙ. ඒ එයාගෙ දරුවා නිසා... ටේහියුන් දැනගෙන හිටියා ජන්කුක් අනිවාරෙන්ම දරුවව එයාගෙ ලගට ගන්නවා කියලා. ඒත් ටේහියුන්.... ජන්කුක් ටේහියුන්වත් එයාගෙ ලගට ගයිද?.... නැත්තම් ජන්කුක් ටේහියුන්ව දරුවගෙන් වෙන් කරලා දායිද?...

ටේහියුන්ව පිච්චෙනවා... හරියට පනපිටින් ගිනි ගොඩකට මැදිවෙලා වගේ... එයා කොහොමද දරුවගෙන් වෙන් වෙලා ජීවත් වෙන්නෙ. ටේහියුන්ගෙ චූටි මැනික එයාගෙ පනනෙ. ටේහියුන්ට ඒ ගැන හිතෙද්දිත් දැනුනේ එයාගෙ පපුව හිරවෙලා යනවා වගේ හැගීමක්... ජන්කුක් අද සෝල්ව ටේහියුන්ගෙන් වෙන් කරලා දැම්මොත් එයා එක මොහොතක්වත් ජීවත් වෙන එකක් නැති වෙයි.

Broken Doll (Taekook)Where stories live. Discover now