Chapter 44

1.3K 207 233
                                    

Comment goal 100

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Comment goal 100

ටේහියුන් වොශ් එකකුත් දාගෙන පල්ලෙහාට ආවේ එයාට ලොකු තිබහක් දැනුන නිසා... මැන්ශන් එකට එන අතරමග ජන්කුක් සෝල්ට අවශ්‍ය කරන බඩු වගයක් ගන්න ශොපින් මෝල් එකකට ගිය වෙලාවේ ටේහියුන්ටත් ඇදුම් දෙක තුනක් අරන් දුන්නා... ඒ මොහොතේ ටේහියුන්ගෙ හිත සතුටින් පිරිලා ගියෙ ජන්කුක් නොපෙන්නුවාට තවමත් එයා ගැන හිතනවා ඇති කියලා ඒ හිතට දැනුන නිසා. ඒත් ටේහියුන් හිතනවා වගේ ජන්කුක් එයා ගැන තවමත් හිතනවද? නැත්තම් ටේහියුන් එයාගෙ කැඩිලා බිදිලා ගිය අහින්සක හිත ඉස්සරහට තවත් රිද්දගන්න අරමුනින් රවට්ටගන්න උත්සහ කරනවද?... ඒ කොහොම වුනත් ටේහියුන් මේ ගැන කොහොම හිතුවත් ජන්කුක්ගෙ පැත්තෙන් මේකට හේතුව වුනේ නම් ජන්කුක් අකමැති වුනා ටේහියුන්ගෙයි බබාගෙයි බඩු ටිකවත් අරගෙන එන්න ආපහු බෝගම්ගෙ ගෙදරට යන්න.

ටේහියුන් පල්ලහාට එනකොටත් ජන්කුක් සෝල්ට අරගෙන දුන්න සෙල්ලල් බඩු වලින් බබයි ඩැඩයි දෙන්නා හොදට සෙල්ලන් කර කරා හිටියේ... ඉස්සර මිනී එක්ක වගේ සෝල් එක්කත් පොඩි එකෙක් වගේ බිම දිගා වෙලා සෙල්ලම් කරන ජන්කුක් දිහා ටේහියුන් බලාගෙන හිටියා.. ජන්කුක් කොහොම කොයි විදිහට වෙනස් වෙලා තිබුනත් එයාගෙ ඉස්සර තිබුන සමහර ගති පැවතුම් එක පාරම එලියට එන විදිහ දකින කොට ටේහියුන්ගෙ තොල් ලස්සන හිනාවකින් සැරසිලා ගියා...

ආව කාරනාවත් අමතක වෙලා ඩැඩයි බබයි දිහා බලාගෙන හිටපු ටේහියුන් එයාලගෙන් ඇස් අරගෙන ඇවිදගෙන ගියේ කිචන් එක හොයාගෙන. එයා මීට අවුරුදු හතරකට කලින් ජියොන් මැන්ශන් එකට ඇවිත් හැම තැනම ඇවිදලා තිබ්බත් එයාට මේ ලොකු මැන්ශන් එක නුහුරුයි. තමන්ට මතක තියෙන විදිහට කොහොම හරි හැම තැනම ඇවිදලා බලනකොට ටේහියුන්ගෙ ඇස් නැවතුනේ ඩයිනින් රූම් එකේ තියෙන ෆ්‍රිජ් එකේ... ටේහියුන් ෆ්‍රිජ් එක ලගට ගිහින් ඒක අරිනකොට දැකපු දේවල් නිසා ඇති වුන ශොක් එකට එයාව අඩි දෙක තුනක් පිටිපස්සට ගියා... ටේහියුන් හිටියේ අදහ ගන්න බැරුව ඇස් ලොකු කරගෙන වගේම තමන්ගෙ අතකින් කට තද කරලා වහගෙන. මේ දේවල් දකිනකොට ඇත්තටම ටේහියුන්ට ජන්කුක් ගැන ඇති වුනේ ලොකු කේන්තියක්.

Broken Doll (Taekook)Where stories live. Discover now