මිතුර,
නොවැම්බර අග දිනක සුපුරුදු මේපල් ගස පාමුල හමුවුණා මතකද ,
හුරුපුරුදු සිනාවෙන්ම නුඹ ඔය මුව කමල සරසගෙන...මතකද එදින සවස මා නුඹට පැවසූ ඒ අරුම අන්දරය !?
එනම්,
නුඹට මම ප්රේම කරන බව,
නුඹ පැවසුවේ මුසාවක් නොවේද එවිට?
මගේ නැඟණියට ඔබ ඇලුම් කරන බවට,
සුපුරුදු ප්රති ප්රශ්න ඇසීම අත්හැරම...නුඹේ හදවතේ ඉඩ ඇයට පමණක්ම බව,
දැන දැනත් ප්රේම කරනවා වෙනුවට,
සමුගන්න සිතුනා දහස් වාරයකට වැඩිය...නමුදු නුඹ ,
සිර කලා නොවේද මා!?
යකඩ ගාංචුවකින්,
නැවත ගැළවී යා නොහැකි ලෙසට,
තදින්ම!?
නිර්මල මරණය මට අතවැනුවොත් මිස මා හට ඔහු සොයා යා නොහැකි ලෙසට...පොරොන්දු තිබෙන්නේ කඩන්නටම නොවේද කිම්!?
අද මා යන්නේ ඔප්පු කරන්නට,
පොරොන්දුවක් යනු ප්රේමය හමුවේ පයට පෑගෙන දූවිල්ලක් පමණක් බව...ඉදින් මා මිතුර නුඹ ගාවටම එන්නයි මගේ මේ සූදානම,
නුඹ එදා කියා ගිය මුසාවට දිය යුතුයි දඬුවමක් නිසැකවම...මට දැනුනා එදා සවසම,
නැගනියගේ මුවාවෙන් නුඹ මා රවටන්න සැරසෙන බවට...කිමද,
නුඹේ නෙත් මට පැවසුවේ වෙනත් අන්දරක්,
වේදනාවෙන්ම මිරිකුණු...ජියෝන් (1869)
Njeon97 ( 2024 / 08 / 15 )