episode 2

6 2 0
                                    

හවස් යාමය..........

මිල්ටන් ....  අපි පොඩ්ඩක් ඇවිදලා ඉමු ..

* සර් අපි කොහෙද යන්න ඕනේ .....?

අපි දැන් යනවා පොල් ඔය අවට මිනිස්සු පොඩ්ඩක් දැකලා කතාබහ කරලා  එන්න ..

මොකද වැදගත් හෝඩුවාවන් කීපයක් හොයාගන්න පුළුවන් වේවි . අඩුම තරමේ මොකද්ද මේ සිද්ධිය කියලවත් එයාලගේ භාෂාවෙන් අපිට දැනගන්න පුළුවන් වේවි ...

මොකද මේක පටන් ගන්න තැනක් අපිට තියෙන්න ඕනා . මගේ තවමත් ඔළුවේ නෑ මේක කොතනින්ද පටන් ගන්නෙ කියලා .

*  හොඳයි සර් අපි යමු එහෙනම්...

ඉතා මනරම් පරිසරයකින් හෙබි කොග්ගල ප්‍රදේශයේ පිහිටා ඇති පොල් ඔය යනු කලපුව වෙත වැටෙන ප්‍රධාන ඔයකි . පොල් ඔය දෙපැත්තේ කුඩා ගෙවල් කිහිපයක් තිබෙන අතර . මොවුන්ගේ ප්‍රධාන රැකියාව වනුයේ ධීවර කර්මාන්තයයි .  මා අසා ඇති පරිදි ලොකු කුඩා මත්ස්‍යයන් හා ලොකු ප්‍රමාණයේ ඉස්සන් බහුල ප්‍රදේශයකි . කැපුම් කිහිපයක් මෙය ඔය දිගේ ගමන් කිරීමෙන් පසු . මඩොල්දූව හමුවේ .

සැතපුම් දෙකක් පමණ යතුරුපැදියෙන් තම සගයා සමඟ ගොස් කුඩා කරවල වාඩි අසල නවතා තබා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සැතපුම් දෙකක් පමණ යතුරුපැදියෙන් තම සගයා සමඟ ගොස් කුඩා කරවල වාඩි අසල නවතා තබා . එහි සිටින මැදි වයස පසුකර ගොස් සිටින අයකු සමඟ කතාබහ කිරීමට අප සමත් වුනෙමු .

ලොකු උන්නැහේ කොහොමද ඉතින් .

**මහත්තයලා කවුද ....

අපි මේ පරිසරවේදීන් ... ඒ කියන්නේ මේ පැත්තෙ පැත්තෙ ලස්සන පරිසරය ගැන විවිධ ගවේෂණ කටයුතු කරන්නේ අපි තමයි . මේ කතාව අමුතුවෙන් කියන්න ඕන නැහැ ඔය මාමලා දන්නවා ඇතිනේ ඕනෙතරම් මෙහෙට ඇවිල්ල ත් ඇතිනෙ.....

දූපත් නියාමනය( Hold )Where stories live. Discover now