Part 2 (මගේ ඇට්ටේරියා මල)

210 17 6
                                    


...අවුරුදු දෙකකට පෙර....

කුරුණෑගල දිස්ත්‍රික්කයේ යම්තාක් දුරකට ප්‍රසිද්ධ ඉස්කෝලයක් . ඔව් සඳදෙව්ගෙ මේසෙත් ඒ ආඩම්බරකාර පාසලට පුංචි අර්ථකථනයක් තිබුණු බවට නොඅනුමානය .

ඉතින් ඔව්, ඒක තවත් සාමාන්‍ය දවසක් . හැබැයි සඳදෙව්ට නම් ඉරණම තවත් පරිච්ඡේදයක් ජීවිතය ට එක් කරපු දවසක් . ඉතින් ,

11-A පන්තිය උදෙන්ම හරි කලබලයි .

ගුරුවරු ගෙදරින් කරන් එන්න දුන්නු ඔක්කොම වැඩ ආයෙ ඉස්කෝලෙටම ඇවිත් උදේ පාන්දර දඩිබිඩියේ එහෙන් මෙහෙන් එකතු කරන් උදාර ලියන-මහත්තුරු ගොඩක් කඩිමුඩියේ ලියන්නට විය .

පන්තියෙ මිදුල අතුගාන්න ඉන්න සෙට් එක එළියට අරගෙන මිදුල අතුගෑවීමේ අසාර්ථක උත්සාහයක යෙදෙන ශිෂ්‍ය නායකයෙක් ද විය .

" ඔය ගෑනු ළමයිට පහනවත් තියන්න ගාණක් නැද්ද ? ඔය අතුගාන්න ඉන්න එවුන් කට්ටි පැනල මට අහු වුණොත් තමයි මම ඕකුන්ව හුම්මානෙ යවන්නෙ ."

ඔහුගේ ටකරන් කටහඬ විටින් විට විධානබර ස්වරයෙන් අවදි වුවත් දැන් එය ඒ පන්තියේ ළමයින්ට සාමාන්‍යකරණය වී ඇත .

ඉතින් තවත් කොල්ලො රොත්තක් උදේම පන්තියෙ දොර ළඟ බර කයියක, ඒ අස්සෙ උදේ පාන්දර ලියන මහතුරු නිසා පන්තිය අතුගා ගන්න බැරුව දඟලන කෙල්ලෙක් මූණත් ඇඹුල් කරගෙන ,

" පොඩ්ඩක් කකුල් ගන්නවකො අහකට . මොන මඟුලක් ද ? මම කොහොමද අතුගාන්නෙ ? " යැයි කියමින් ලෝකයේ ඇති විශාලතම කරදරය මෙන් ඔවුන් දෙස බලයි.

" හරි , හරි පොඩ්ඩක් ඉන්නවකො මෙතන විතර ද අතුගාන්න තියෙන්නෙ ? "

" තමුන්නැහැලා කුණු ගොඩේම ඉන්න එකයි ඇත්තෙ , "

" ඕකිගෙ අම්මට කියන්න ඕන කොහිල කැඳවත් උදේට පොවල දූ පොඩ්ඩ ඉස්කෝලෙ එවන්න කියල . "

එලෙස මේ සංවාදයට අතර මැද්දෙන් වෙළඳ දැන්වීම් එකතු කිරීමේ සාඩම්බර බර අනුග්‍රහය අදිස් ප්‍රතාපගෙන් ය .

ඉතින් ඒකට පන්තිය අතු ගාපු තිසෙව්ලිගෙ reaction එක වතුරට දාපු පොඩි සෝඩියම් කෑල්ලක් වගේමයි . හිමීට මොනවද මුමුණ මුමුණ දුම් දාන තරහකින් එතනින් වාෂ්ප වෙලා ඇය යන්න ගියා මැකිලා .

❤️ මගේ ඇට්ටේරියා මල ❤️ Where stories live. Discover now