Chapter 08

2.7K 164 344
                                    

අහසට සොඳුරුද සඳ කෙතරම්..
ගසකට සොඳුරුද මල කෙතරම්..
සයුරට සොඳුරුද රළ කෙතරම්..
එතරම් මිහිරියි මට ඔබ නම්...

කැන්ටින් එකේ රේඩියෝ එකෙන් ඒ සින්දුව ප්ලේ වෙනවා..ලස්සන තේරුමක් තියෙනවා ඒකෙ..

මුලු අහසම ලස්සන වෙන්නෙ හඳ හින්දා..ඉර නිසා කොච්චර දෙයක් උනත් ඒ ඉර එළියෙන් පිච්චුණ මිනිස්සු හඳ එළියෙන් සැනහෙනවා..ඉතින් අහසට කොච්චර නම් සොඳුරුයිද සඳ..ඒ වගේ තමයි ජීවිතේකට ආදරේ කියන දේ වැරදියට ලැබිලා ඉර එළියෙන් පිච්චෙනවා වගේ ආදරෙන් පිච්චුණ මිනිස්සු කොච්චර නම් හඳ වගේ නිවුණ සැනහුණ ආදරයක් ළඟ සැනහෙනවද ?

ගසකට සොඳුරුද මල කෙතරම්..ගහකට මලක් නෑ කියලා කියන්නෙ අපේ ජීවිතේට හරියට අරමුණක්,බලාපොරොත්තුවක් නෑ වගේ..ඉතින් ගහකට කොච්චර සොඳුරුයිද මලක් පිපුණම..ඉතින් එතකොට ඒ ගස වටේ සමනල්ලු, බමරු කැරකෙනවා..එතකොට ඒ මලේ වටිනාකම වැඩි වෙනවා..එතකොට ඒ ගහෙත් වටිනාකම වැඩි වෙනවා...ඉතින් ඒ වගේමයි ජීවිතේටත් බලාපොරොත්තු තියෙන්න ඕන..එතකොටයි ජීවිතෙ උනත් ලස්සන වෙන්නෙ..වටිනාකම වැඩි වෙන්නෙ නේද ?

සයුරට සොඳුරුද රළ කෙතරම්..ඇත්තටම මුහුදේ රැළි නැත්නම් ඒක මුහුදක් වෙනවද ? නෑනේ..ඉතින් එහෙනම් ඒකත් නිකන්ම නිකන් වැවක් වගේ..කිසිම වටිනාකමක් දෙන්නෙ නැති මිනිස්සු හින්දා ජීවිතෙ එහෙම වෙනවා..ඉතින් මේ මහ මුහුද නිමාවක් නෑ..කොච්චර නම් වලින් කිව්වත්,සීමා වලින් වෙන් කරත් ලෝකෙටම තියෙන්නෙ එක මුහුදයි..ඒ මුහුදෙ රැළි වලින් මුහුද ලස්සන වෙනවා..මුහුද ශක්තිමත් වෙනවා..ජීවිතේකටත් ප්‍රශ්න එන්න ඕන..අභියෝග එන්න ඕන එතකොටයි ජීවිතෙ උනත් ලස්සන වගේම ශක්තිමත් වෙන්නෙ..මන් හරි නේද ?

"මචන් මන් නම් කියන්නෙ අපි ජීවිතෙ විඳින්න ඕන..ආයේ මෙහෙම කාලයක් එන්නෙ නෑ මන් නම් කියන්නෙ..උඹට තේරෙනවනෙ..ඒ ලෙවෙල් කියන්නෙ ආතල් එකේ ඉන්න පුලුවන් කාලයක් සබ්ජෙක්ට් තුනනෙ මචන්..ඕක මොකද්ද මන් නම් කියන්නෙ.." !

ඔන්න සතකපටි මන්ත්‍රි කොල්ලගෙ කතාව..ඒ හුට්ටව මට පේන්ඩ බැරි උනේ උදේ දැහැමි දිහා බලපු විදිහ නිසා..ඇට දෙක තලනවා මන් ඕකගේ..

  ~A_ලෙවෙල්~🔞Where stories live. Discover now