එකල රත්නද්වීපයේ වෛද්‍ය ශාස්ත්‍රය පැවතියේ උච්චතම අවස්ථාවක විය. සුව්‍යාදි විද්‍යව ලෙසින් එකල හැඳින්වුණු එය ශල්‍යකර්ම ආශ්‍රිත ප්‍රතිකාර, මානසික ව්‍යාධි සඳහා කෙරෙන ප්‍රතිකාර දක්වා ද විහිදී ගිය පූර්ණ පරාසයක එකක් විය.
රිටිගල වනාන්තරය ආශ්‍රිත සිහිධුන් අසපුව සුව්‍යාදි විද්‍යාව උදෙසා රත්නද්වීපය තුළ පිහිටි ප්‍රධානතම ස්ථානයයි. එහි සුව්‍යාදි විද්‍යා අධ්‍යාපනය මගින් දක්ෂ වෙදැදුරන් නිර්මාණය කරන අතර ප්‍රත්‍යන්ත පෙදෙස් හි නොමැති ප්‍රතිකර්ම ක්‍රම යොදා ගැනීම මගින් අසාධ්‍ය රෝගීන් සුවපත් කිරීම ද සිදු කරන්නේ ය.
අවිරාධ
සිහිධුන් අසපුවේ ප්‍රධානි සුවිභාෂ වෛද්‍ය තුමන් ගේ පළමු විවාහයේ එකම දරුවාය.
රත්නද්වීපය පුරාම ශල්‍ය වෙදකමට ඇති ඔහුගේ දක්ෂතා වලට සේම අප්‍රමාණ කෝපයට ද ඔහු ප්‍රකටය.
නමුත් එකී කෝපාන්විත චරිත ස්වභාවය ට නොගැලපෙන අන්දමේ කඩවසම් සෞම්‍ය අවිහිංසක පෙනුමක් අවිරාධ සතුය.
එකම අරමුණ සුව්‍යාදි විද්‍යාවේ දියුණුව පමණක් ලෙස සලකන තද ගති ඇති අයෙකි.
කහ පැහැයෙන් රේඛා මායිම් වැටුණු ධවල පැහැ දළ සලුපිලි පළඳින අවිරාධ සැබැවින්ම ආකර්ෂණීය පුද්ගලයෙකි.
විනූර්ධ
සුවිභාෂ වෛද්‍ය තුමන් දෙවනි වර විවාහ කර ගත් දේවානි නම් කාන්තාව ගේ පුත්‍රයා ය.
නිවුණ සන්සුන් ස්වරූපයක් සහිත ඔහුගේ චරිතය ගුප්තය.
කායික වෙදකම වෙනුවෙන් සුවිභාෂ වෛද්‍ය තුමන් ගොඩ නැංවූ දක්ෂතම සිසුන් තිදෙනාගෙන් අයෙකි.
ඔහු සතු සන්සුන් ගුප්ත ස්වරූපය වසන් කරලන තීව්‍ර, දඟකාර මෙන්ම කලබලකාරී පෙනුමක් විනූර්ධ සතුය.
සිනහව විරල අයෙකු වූ මොහු සිය මිලාධික කලු හෝ තද නිල් පැහැති වස්ත්‍ර සඳහා රත්නද්වීපය පුරාම ප්‍රසිද්ධ ය.
"අඬන හිරියා කරලක් සේ විලාප නොදී උපකාර කරනු අඥානයෝ!"
"නමුත් ඇයට රිදෙනවා ඇති නෙ!"
"ඔබෙන් පසුව සිහිධුන් අසපුවේ ප්‍රධානියා නිශාර්ණ විය යුතුයි!"
"තී උමතුවෙන් ද?!"
"විනූර්! නුඹ මගේ සොයුරාටත් වඩා දරුවෙකු වැනියි! ඒ නිසාවත් ඔය අදහස අතහැර ගන්න!"
"එය පිටත ලෝකයට පමණක් නෙ එලෙස වන්නේ!"
අවිරාධ
අවිරාධිත වගකීමක භාරය කිසිවෙකුත් වටහා නොගනු ඇත
වැදගත්:
🚫අත්‍යාවශ්‍යම අවස්ථාවක හැර ඖෂධ වල නම් මෙහි සටහන් නොකෙරේ.
🚫එහි අරමුණ ශාකසාර ඖෂධ අවභාවිතය වැළැක්වීමයි.
🚫එයින් කතාවේ ගලා යාමට හෝ රසයට කිසිදු බාධාවක් නොවේ.
🚫මෙවැන්නක් ලිවීමේ අරමුණ වෛද්‍ය ක්ෂේත්‍රයේ ඇති සංකීර්ණ භාවය වටහා දීම, හෙළ වෙදකම ඇගයීම සහ රසවින්දනය පමණි.
රැඳී සිටින්න!
Nidrush_97
YOU ARE READING
අවිරාධ (OnHold)
Historical Fictionඅවිරාධ අවිරාධිත වගකීම කිසිවෙකුත් වටහා නොගනු ඇත Historical BL Medical Romance අතීත හෙළ වෙදකම ඇසුරු කොටගෙන ලියවෙන සමරිසි පිරිමි චරිත ඇතුළත් කතාවකි. අවිරාධ සිහිධුන් අසපුවේ ප්‍රධානි සුවිභාෂ වෛද්‍ය තුමන් ගේ පළමු විවාහයේ එකම දරුවා රත්නද්වීපය පුරාම ශල්...