01

41 4 0
                                    

රුධිරය වැකුණු සුදු පැහැ එහෙත් අපිරිසිදු දළ රෙදිපිළි ගලවා දමා අවිරාධ එතැන වූ සන්ථාගාර කුටියට පිවිසුණේ හෝරා හතරකට ආසන්න කාලයක් තිස්සේ කෙරුණු ශල්‍යකර්මයකින් අනතුරුව විය.

තමා ගේ අණ පරිදි සිහිධුන් අසපුවේ සේවය කරන දාසියක් උණු කළ ජලය ගෙනැවිත් තිබුණේ පිරිසිදු කටාරම සමඟින් ම විය. අවිරාධ පසෙක වූ සිහිල් ජලය පිරි නාන ඔරුවට ඉවසීමෙන් උණු දිය කලවම් කොට දියට බැස්සේ කර වටක් එහි ගිලී හිසද පිටුපස ට ඇළ කොට දෑස පියා ගත්තේ ය.

ශල්‍යකර්මය⁣ට ගත වූයේ හෝරා හතරක් පමණ වුවද අවිරාධට ඊටත් වඩා කාලයක් සිට ගෙන සිටීමට සිදුව තිබුණේ සිහිධුන් අසපුවේ රඳවා සිටි නේවාසික රෝගින් ගෙන් අයෙකුට උදෑසන සිට අසාධ්‍යව තිබූ නිසා විය. පෙරදා සවස හතේ හෝරාවේ සිට අද උදෑසන අටේ හෝරාව තෙක් රෝගීන් සඳහා වන රාත්‍රි සේවා මුරය භාරව තිබුණේ ත් අවිරාධ ට නිසා එම රෝගියාට අසාධ්‍ය වන විට ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමට ද සිදුව තිබුණි. ඒ පිම්මටම ශල්‍යකර්මයකටද සිය දෑත දීමට වූ අවිරාධ අවසානයේ හුන්නේ සැබැවින්ම අධික වෙහෙසකින් විය.

දිවා භෝජනය ට පසු නවක වෙද සිසුන් ට දේශන කිහිපයක් පැවැත්වීමට ද ඇති බව සිහි වද්දී සිය හිසරදය අධික වන වග අවිරාධ ට දැනෙන්නට විය. තවත් හෝරා කිහිපයක් එයට පෙර ඉතිරිව ඇති නිසා ම අවිරාධ මේ මොහොතේ නවකයන් ගේ දේශන ගැන සිතීම පසෙක ලා ගත ගිල්වා ගෙන හිඳින ජලය තුලින් තමාට දැනෙන සුවදායි මඳ උණුසුමට සිත යොමු කළේ ය.

"අයියණ්ඩි!"

අවිරාධ ගේ දියේ ගිලීගෙනම කෙරුණු අඩ නින්ද බිඳ හෙලුවේ ගැඹුරු එහෙත් සෙල්ලක්කාර බවක් තැවරුණු කටහඬකි. අවිරාධ ගේ තද කලු දෑස විස්මයෙන් විසල් වූයේ ය.

නමුදු අවිරාධ යනු සිය සිතෙහි ස්වභාවය පිටතට පෙන්වන්නෙකු නොවීය. ඉදින් හේ සිය විශ්මය සුපුරුදු ලෙසම සඟවා ගෙන සීතල ලෙසින් ඔහු දෙස බැලුවේ ය.

"බොහෝ කලකින්......!"

ඉදින් ඒ ප්‍රතිචාරය හමුවේ එකී ගැඹුරු කටහඬ හිමි තැනැත්තා සිය විරල සිනහවෙන් අවිරාධ ට සංග්‍රහ කරන්නට විය.

අවිරාධ (OnHold)Where stories live. Discover now