2. [ Ausi කැන්ගරුවා ]

39 6 2
                                    

"අනේ මේ අහපන් කෙවින් ! උඹලගෙ තාත්තා හිතේ බයට බං ඔහොම කෑ ගහනවා ඇත්තෙ "

" මං දන්නැද්ද බං . එක්කො ප්‍රොෆිට් බැහැලා ඇති . ඒ තරහා මගෙ පිටින් යවනවද දන්නෑ "

හිටපු ගමන් තමන්ගෙ ගෙදර ඇවිල්ලා ඇද උඩට වෙලා කල්පනා කරන කෙවින් දිහා බලාගෙන එහෙම කිව්වෙ සහස් . කෙවින්ට මහ හුගක් යාළුවො නෑ . ඉදියෙ දෙන්නයි. එක්කෙනෙක් රට . ඒ නිසා ලංකාවෙ ඉදියෙ සහස් විතරයි .

" අනේ උඹේ ඔය මනස්ගාත පැත්තකට දහං බං ! මටත් හිතා ගන්න බැරි උඹ එදා තනියෙන් මටත් නොකියා ගියේ මොන අඩව්වක් අල්ලන්නද කියලා "

" අපෝ.... උබත් බණ දෙසන්න හදනවනම් කියපන් . මං මෙහෙම්ම යන්නම් යන දිහාක "

" අනේ මේ කෙවිනයා... කුණුහරප අහගන්නැතුව ඉදපන් . දන්නතේක ඉදලා උඹ එක්ක ඉදපු මටද තෝ කොළේ වහන්නෙ ?"

" මොනාද උඹ කියන්නෙ හැලප ගැනද ?"

"හැලප ???? මොන හැලපයක්ද යකෝ "

සහසුත් උඩ බිම බැලුවෙ මෙච්චර බරපතල කතාවක් මැදට කොහෙන්ද හැලපයක් කඩං පාත් උණේ කියලා .

" කොළේ වහලා හදන්නෙ හැළප නේ ! ඇයි එහෙම නෙවේද ? ආ.... එහෙනම් තලප වෙන්න ඇති "

" අනේ යකෝ.... මං කිව්වෙ හැලපයක්වත් තලපයක්වත් ගැන නෙවෙයි මිනිහෝ , උඹ හොරෙන් ගියේ ඇයි කියපන් !"

" බලන්න අනේ ගියේ ... "

"බැලුවා විතරද ? ශුවර්ද ? "

සහස් ගෙ තිබ්බෙ අවිශ්වාසය පිරුණු ප්‍රශ්න වැලක් . කෙවින් දන්නවා සහස්ට බොරු කරන්න අමාරු බව . මොකද එකෙක් හැරෙන්න ගියත් අනිකා දන්නවා මූ එන්නෙ මොකාටද කියලා.

" ඔව් ඔව් අනේ... උඹ අපේ තාත්තාට හපන්නෙ බලං ගියාම "

"තොගෙ නසරාණි වැඩ දන්නෙ මංනෙ . නසරාණියා . එක අතකට ඕක විශ්වාස කරන්න බැරි උත්තරයක් හැබැයි. එතකොට කවුද අර ඩ්‍රැගන් කියන්නෙ ? පොට් එකට අලුත් එකෙක් බැස්සා කියලා ආරංචී මට!"

" කැහ්... කැහ්.  මං දන්න ඩ්‍රැගනෙක් නෑ.  මං දන්නෙ ඩ්‍රැගන් ෆෘට් විතරයි"

" හරි හරි බලමුකො . හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එළිපිට කෙවිනයා . අන්න ඒක තොගෙ ඔය ගොන් මොළේ ඇතුළෙ තියා ගනිම්."

යුගාන්ත | YUGANTHA | සිංහලWhere stories live. Discover now