හන්සන්ගේ වදන් අධිරජ ජන්ගුක්ගේ දෙසවනෙහි දෝංකාර දෙන්නට විය....කුමක්ද ඔහුට එක්වරම සිදු වූයේ ?...ඔවුන් උදෑසනෙහි කොතරම් සතුටින් සන්සුන්ව ගත කළෙහි ද ? නමුත් ඒ සියල්ල එක් ක්ෂණයකින් විනාශ වී ගියේ ය...එක්විටෙක හන්සන් තම හෘද ගැඹුරේ කැකෑරෙමින් පැවති අධිරජ ජන්ගුක් උදෙසා වූ ප්‍රේමය අධිරජ ජන්ගුක් හමුවේ හෙලි කලේ ය...නමුත් මොහොතක් ගත වීමටත් ප්‍රථම හේ අධිරජ ජන්ගුක්ගෙන් දුරස් වීමට තැනුවේ ජන්ගුක් යනු තමා ඝාතනය කිරීමට හඹා එන්නෙකු පරිද්දෙනි...
සිග්මා ජන්ගුක් ! අධිරජ ජන්ගුක් ! ...ඔහු ආධ්‍යාත්මික බල සහිත මිනිසුන් අතර බලවත්ම පුද්ගලයා වුවද ඔහුට කිසිදු අයුරකින් සතුටින් දිවි ගෙවිය නොහැකිය...තමා මෙලොව ප්‍රේම කරන පුද්ගලයා තමාට අතිශය භීතියක් දක්වයි...හ්ම්ම්ම්...එක් අතකට එය ඔහුගේ වරදක් නොවෙයි...බීටාවරුන් සාහසික ලෙස තම පරම්පරාව දඩයම් කලහ...එවන් පිරිසක් පිළිබඳව සලකන විට ඔවුන්ටත් වඩා බලවත් ඇල්ෆාවරුන් පිළිබඳව කවර කතා ද ?...තමාට සම මට්ටමක සිටින ඇල්ෆාවරුන්ව ඝාතනය කිරීම සමහර අතීත සිග්මාවරුන්ගේ ද ක්‍රීඩාවක්ව තිබි බවට මූලාශ්‍ර ඇත...එලෙස බලන විට වැඩිම පීඩනයකට ලක්ව ඇත්තේ ඇල්ෆාවරුන් ය...නමුත් සිග්මාවන් බිහි වන්නේ කලාතුරකින් බැවින් ඇල්ෆා වද වීමට එය හේතුවක් නොවන්නට ඇත...නමුත් සිග්මාවෙකුගේ ඇවෑමෙන් එය නොකඩවා පවත්වාගෙන යෑම බීටාවන් විසින් සිදු කරන ලදී....
දැන් ඔහුගේ ප්‍රේමවන්තයා ලොව ජීවත් වන අවසානම ඇල්ෆාවරයා වේ...එහෙයින් ඔහු තමාටත් අනෙක් බීටාවන්ටත් අනිසි ලෙස තැති ගැනීම භීතියට කරුණක් නොවේ....නමුත් ඔහු මෙලෙස එකවරම භීතියට පත් වූයේ මක් නිසාද ? ...ඔහු මෙතරම් වේලා අධිරජ ජන්ගුක් සමග සුවපහසු සමාගමක් පවත්වා ගත්තා නොවේද ?...නැත්නම් අර මායා ජලයෙන් හන්සන්ට කුමක් හෝ බලපෑමක් වී ද ?....නැත්නම් ....
හන්සන් ට තවදුරටත් අධිරජ ජන්ගුක්ව අවැසි නොවන්නේ ද ?...ඔහු අධිරජ ජන්ගුක්ව ප්‍රතික්ෂේප කරන්නේ එම නිසාද ?
එසේනම් තමන් හන්සන්ව අත් හල යුතු ද ?...අවසානම ඇල්ෆාවා තමා යටතේ පවත්වා ගැනීම සුදුසු නොවන්නේ ද ?...
YOU ARE READING
ᴛʜᴇ ʟᴀsᴛ ᴀʟᴘʜᴀ|𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴
Fanfiction❃In a world where ancient powers clash, Alpha Taehyung, the last of his kind, is relentlessly pursued by the malevolent Beta sorcerer Moshu, intent on ending his lineage. As Taehyung flees for his life, he encounters a charming human prince, Jung Gu...