ෂ්‍යූ ජින් තම කුටිය තුළට වී සන්සුන් ව ධ්‍යාන වඩමින් සිටියා ය.ඇය ආරාමාධිපතිනියක් බැවින් ඇය මදුවිත , මසවුළු වැනි දේ ඇති භෝජන සංග්‍රහවලට පැමිණීම සැබැවින්ම විරල ය....ඉතින් ඇය රාජාභිෂේක මංගලෝත්සවයට පමනක් සහභාගි වී රාත්‍රී භෝජන සංග්‍රහය මගහැරීය....අධිරජ ජන් ගුක් මෙවැනි ආරාමාධිපතීන් පුරන්නා වූ පිළිවෙත් පිළිබඳ හොඳ දැනුමක් හෙබි අයෙකු හෙයින් ඔහුට ඒ පිළිබඳ තැකීමක් කල යුතු නැත....
ධ්‍යාන වඩමින් හිදි ෂ්‍යූ ජින් ට බාධා පමුණුවමින් සූහෝ එක්වරම කුටිය තුළට කඩා පැන්නේය ....ඔහු ෂ්‍යූ ජින් සමාධි ඉරියව්වෙන් හිදින අයුරු දුටු සැනින් නිරුත්තර විය.තමා මේ ආරාමාධිපතිනියගේ ධ්‍යානයට සැබැවින්ම බාධා පැමුනුවා නොවේ ද ?
" ෂ්‍යූ ජින් ජිඒජිඒ!....මට සමාවෙන්න මා සිතුවේ නෑ ඔබ ධ්‍යාන වඩමින් හිදින වග....."
දෑස් විවර කර බැලූ ෂ්‍යූ ජින් මදහසක් පෑවා ය...
" ඒකට කමක් නෑ සූහෝ...ඇයි ඔබ මේ වේලාසනින් පැමිණියේ ? කුමක් හෝ ගැටලුවක් ද ?"
සැබැවින්ම භෝජන සංග්‍රහය උත්සවයක් නම් එය ඇතැම් විටක සූර්‍යෝදය තෙක්වත් පැවතිය යුතු ය...නමුත් එක්වරම දැන් සූහෝ වේලාසනින් ම පැමිණ තිබේ...එසේනම් අනිවාර්යයෙන් යම් ගැටලුවකි....
" ඔහ්....මේ ජිඒජිඒ ...ඔබ වැරදිලාවත් හන්සන්ව දුටුවා ද ?"
මදක් කල්පනා කර බැලූ ෂ්‍යූ ජින් පිළිතුරු දුන්නා ය.
"නැහැ සූහෝ...ඇයි ඔහු ඔබලා සමග නොවේ ද සිටියේ ?"
සූහෝ සුසුමක් හෙළමින් තම හිස දෙපසට වැනුවේ ය...
" මට හිතෙන්නෙ ඔහුව නැවතත් අතුරුදන් වෙලා..."
සූහෝ යම් දිනෙක සූර්‍යෝදය හෝ වලකනු ඇත.නමුත් ඔහුට කිසිදිනෙකත් හන්සන් තමන්වම අතුරුදන් කරගැනීම නම් වලක්වාලිය නොහැකි වනු ඇත....
සූහෝ ට කිසිසේත්ම හන්සන්ගේ ජිඒව හන්සන් නැවතත් අන්තරස්ධාන වී ඇති බව පවසා කලබලයට පත් කිරීමට අවැසි නොවූයේ ය.නමුත් ඉතින් කුමක් කියා කරන්න ද? හන්සන් බොහෝ විට සිටිනුයේ එක්කෝ ඔහුගේ ආදරණීය ජිඒජිඒ සමගින් ය.....එක්කෝ ?!.....එක්කෝ ....?!...... එක්කො කොහෙද ?!
CZYTASZ
ᴛʜᴇ ʟᴀsᴛ ᴀʟᴘʜᴀ|𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴
Fanfiction❃In a world where ancient powers clash, Alpha Taehyung, the last of his kind, is relentlessly pursued by the malevolent Beta sorcerer Moshu, intent on ending his lineage. As Taehyung flees for his life, he encounters a charming human prince, Jung Gu...