Sunghoon🐧
Ohh නැ නැ ඒක වෙන්න බෑ.එහෙම වෙන්නේ කොහෝමද?මගේ ඇස් වල අවුලක්වත්ද?මං ඒ දැක්කේ ආ............මගේ හීනේ ඉන්න කොල්ලා නේද?සිරාවටම ඒ වගේමයි නේ.හරියට හීනේ copy paste කරලා වගේ.මං එයා දිහා බලන් ඉන්න නිසාමද කොහේද එයා මගේ දිහා බලලා හිනා වුනා.මාත් හිනීයට හිනා වෙලා ඉස්සරහා බලා ගත්තා.
ලස්සනයි නේද?Jay මගෙන් ඇහැව්වා.ඔව්.ආ නැ නැ මං බලන් හිටියේ මට දැකලා පුරුදුයි වගේ නිසා කියලා Jay ට කිව්වා.මං හිතන්නේ Jay එහෙම අහන්න ඇත්තේ,ළමයෙක් කන්න කැමති කෑමක් දිහා බලන් ඉන්නවා වගේ මං Jake දිහා බලපු නිසා වෙන්න ඇති😅බැලුනා ඉතිම් මගේ හීනේ හිටපු කොල්ලා එකපාරට අහසින් කඩාගෙන වැටුනා වගේ මගේ පන්තියේ ඉන්නවා දැක්කම බැලෙනවානේ😁Jake🐶
මං ජනෙලෙන් එළිය බලන් හිටියේ,පාන්දර වැහැලා නතර වුන නිසාද කොහේද පරිසරයේ අමුතු ලස්සනක් තිබුණා.හරියට ඉර දෙයියෝ හිරු එළියෙන් අහසම වෙලාගන්න ලොකු තොප්පියක් දාලා වගේ,ලස්සනයි😍හමන හුළඟත් ඇඟට සනිපයි.එත් එක්කම පන්තිභාර ටිචර් පන්තියට ආවා.අපි හැමෝම නැගිටලා ටිචර්ට Good morning කිව්වා.ඒ කියලා මං ආයේ එළිය දිහා බලන් හිටියා.එත් එක්කම මට ඇහුණා,
Ohh Handsome, Jungwon කාටදෝ කියනවා.මං Jungwon දිහා බලලා ඉස්සරහා බැලුවා කාටද කිව්වේ කියලා බලන්න.Ohh ඇත්තටම ලස්සනයි.Prince කෙනෙක් වගේ look එකක් තිබ්බේ ඒ ඇවිත් ඉන්න කොල්ලට.එයා ළමයි දිහා බලලා හිනා වේලා එයාව හදුන්වන්න ගත්තා.එයාගේ විස්තරේ කියන ගමන් එයා කැමති සින්දු කියන්න,................................විතරයි කිව්වේ,ගල් ගිලලා වගේ මගේ දිහා බලන් හිටියා.මං බැලුවා මොකද කියලා,ඉබේම වගේ මාත් එයා දිහා බලන් හිටියා.හේතුවක් කියන්න දන්නැ.මටත් ඒ බලන් ඉන්න ඇස් දෙකෙන් අහකට යන්න හිතුන් නැ.ඒ වෙලේ මගේ හදවත 160ට ගැහැන්න ගත්තා.මං මගේ අත හදවත ළගාන් තියාගෙන හිටියා.තව ටිකක් වේලා හිටියා නම් කියන්න වෙන්නේ අනේ මාව ඉස්පිරිතාලේ ගිහින් දාන්න අයියෝ කියලා තමා😂Jay ගේ එහා පැත්තෙන් වාඩිවෙලත් මගේ දිහා එයා අයෙත් සැරයක් බැලුවා.මං හිනා වුණා එයා දිහා බලලා.
Jake ඔයාට ලෙසි වෙන්නේ නම් නැ.මොකද දැන් ස්කොලේට තවත් සිහින කුමාරයෙක් ආවා කියලා Jungwon මගේ දිහා බලලා හිනා වෙලා කිව්වා.Jake?ඕ...මොකෝ වුනේ?Jungwon මගේන් ඇහැව්වා.ඇයි මට මොකද වෙලා තියෙන්නේ? ඔයා අඩන්නේ ඇයි?ඇස් දෙකේ කඳුලු නේ කිව්වා.කඳුලු නැ නැ මං මොකටද අඩන්නේ?කඳුලුද කියලා බලන්න මං phone එක අරන් මගේ මුණ බැලුවා.ඇත්තටම කඳුලු මගේ මුණේ.මගේ ඇස්වලත් කඳුලු පිරිලා.Jungwon ඇහැව්වා මොකෝ වුනේ අවුලක් නැනේද කියලා.මං කිව්වා නැ නැ එහෙම අවුලක් නැ.මේ ඇහි පිහාටුවක් ගිහින්ද කොහේද කියලා මං Jungwon ට කියලා හිනා වුනා.ඉස්සරහා හිටිය Heeseung ත් මගේ දිහා බැලුවා.Heeseung ට මං හොදින් කියලා පෙන්නන්න ඔලුව වනලා හිනා වුණා.මං එත් කල්පනා කලේ හේතුවක් නැතුව මං ඇඩුවේ ඇයි කියලා.මට හිතා ගන්න බැරි වුනා මට මොකද වුනේ කියලා.
ටිචර් නම් මාර්ක් කලාට පස්සේ උගන්වන්න ගත්ත නිසා මං එකට අවධානය දුන්නා.මොකද,අද මං කැමතිම විෂය English උගන්වන නිසා.පන්තියේ ගොඩක් ළමයින්ට නම් English බඩගියාට,උන් English ඉගෙන ගත්තේ ඔය ටික හරි English miss තරුණ ලස්සන මිස් කෙනෙක් ඉන්න නිසා.මං ඉතිම් පන්තියේ ආදර්ශමත් ශිෂ්‍යයා නිසා ආසාවෙන් පාඩම් වලට අවධානය දුන්නා.අද කොටස කොහෝමද ඔයාලට🤭තෙරේනෝ නේද කතාව,තැන්කු ඔයාලට ❤️මට වොට් කරනවට,මාව ෆලෝ කරනවට🥹ආදලෙයි❤️පරිස්මින් ඉන්න ❤️
YOU ARE READING
_Once Again_✨(Jakehoon)
Fanfic"මං ආයේ ඉපදුනොත් ඔයාට මාව මතක තියේයිද?මාව හොයාගෙන එන්න."♥️