" ආරාධන... උඹ නැගිටිනවද නැත්ද ආ... මේක හරියන්නෑ දැන් උඹව කාටහරි කරගස්සන්න කාලේ හරි... !!"
හීනෙන් වගේ හත් වෙනි වතාවට වගේ ඇහුණු කටහඬින් කොට්ටේ මූණ ඔබාගෙන හිටිය ආරාධන කෑගැහුවේ ගැස්සිලා... කොල්ලාගේ හිත කිව්වෙම ආපහු කොට්ටේ විනාඩි පහක් ඔලුව තියාගන්න කියලා වුනත් අම්මාගේ කටහඬ ඇහුණේ හීනෙන්ද නැත්නම් ඇත්තටමද කියලා හිතාගන්න බැරැව ආරාධන ටික වෙලාවක් මූණ උස්සන් හිටියා...
දඩං... දඩං... දඩං...
" තේජක... ආන් අර මෙට්ටේ යට තිබ්බ මේකගේ හඳහන එලියට ගත්තා නම්... මූව මොකෙක්ට හරි දීලා දාන්න..."
" අනේ අම්රිතාහ්හ්හ්...??!!! "
මොන හීනයක්ද... ඔය ඇහුණේ සබ්ද පූජාව ආරාධනව ඇඳෙන් විසි වෙන්නම... කොටින්ම අම්මාගේ නමත් කියාගෙන කෑගහගෙන කොල්ලා ඇඳෙන් බිමට බැස්සේ මඟුල් බෙර හත අටක් ඔලුව වටේ කැරකෙන කොට වෙද්දී...
" කෝ තේජක ඔය හදහන... අර රටින් ආව ප්රොපෝසල් එක බලලා රට පැටෙව්වා නම් හරි..."
දොරට එහාපැත්තේ ඉඳන් තඩිබාන ගමන් කෑගැවුම අම්රිතාට තේජක දුන්නේ නෝන්ඩි හිනාවක්... එයා මූණ ඉස්සරහ දිග ඇරන් හිටිය පත්තරේ ගසලා දාලා ආපහු පත්තරේට මූණ හරොගත්තා...
" රටේ ඉන්න ලමයි අමාරැවේ දාන්නැතුව ඉන්න අම්රිතා..."
" අනේහ්හ්හ් තේජකහ්හ්හ්හ්...!!!"
ආරාධනා ඇඳේන් නැගිටින ගමන් දෙවෙනි පාරටත් කෑගැහුවා... මේ මිනිස්සු හරි නපුරැයි අප්පා... මේ කොලුවට කරන්නේම අසාධාරණකම්... කොටින්ම පොලිස් අම්මා හැදුවෙම යන්තම් විසිඑක පිරැණු ආරාධනව කරගස්සලා දෙන්න වෙනකොට, අරාධනගේ කැත්ත පොල්ල ගතිගුණ ගැන හොඳට දන්න දොස්තර තාත්තා නම් හැදුවෙම රටේ ඉන්න දරැවෝ තමන්ගේ ලමයාගෙන් බේරගෙන ජාතියේ මාමණ්ඩි වෙන්න...
මේ ඉන්නේ නෞල්ය ආරාධන පූතෘපාලි... පූතෘපාලි පවුලේ බාලම කොල්ලා... විරාජ් තේජක හේවගේගෙයි අම්රිතා මන්දෝරි පූතෘපාලිගේයි වැඩිමල් දුව තාත්තාගේ වාසගම අරගෙන යද්දි, බාල කොල්ලා වුන ආරාධනට පූෘත්රපාලි පව්ලේ එකම කෙල්ල වුන අම්රිතාගේ වාසගම දරාගන්න සිද්ධ වුනේ පොලිස් අම්මාගේ බලේට...