Chapter 02

9 1 0
                                    

කෝමින් කෝම හරි ආමරැවෙන් ආරාධනව නදුන් හම්බෙන්න යන්න එකඟ කරගත්ත මන්දිරා කෙලින්ම දිව්වේ ආරාධන හිත වෙනස් කරගන්න කලින් ලැස්ති වෙන්න...

හොඳ ඇදුමකුත් දාගෙන හොර පූසා වගේ පහලට බැස්ස ආරාධන වටපිට බැලුවේ එයාගේ පොලිස් අම්මාගේ ඇස් වහලා ගෙදරින් පනින්න විදිහක්... අම්මා එක්ක හොර වැඩ කරනවා කියන්නේ කෙලින්ම බෙල්ල මුලින්ම ගහලා යන වැඩක්...

කොටින්ම ආරාධනගේ ඇට්ටරකම ගැන අතේ රේඛා ගාණට දන්න අමිත්‍රා, ආරාධන හැරෙන්නේ කොයි පැත්තටද, ඒකා අර අදින්න යන ඊලග වැ⁣ඩේ කියන්න පුලුවන් තරම් ආරාධන ගැන දැනගෙන හිටියා... ඒත් ඒ හා සමානවම අම්මාගේ තියුණු ඇහැ ගැන ඉහේ කේස් ගාණට දන්න ආරාධනට අම්‍රිතා එක්ක තකට තක වෙන්න අම්මාගේ කනෙන් රිංගන්න දක්ශයි...

අදත් හැදුවේ තියෙන දහං ගැටයක් දාලා හෙමීට අක්කව අරන් ගෙදරින් පනින්න... දැන් මේ අක්කා මලෝ දෙන්නා පොලිස් අම්මටයි දොස්තර තාත්තටයි වඩා දෙන්නම උස ගිහිල්ලා තිබ්බත් ගෙදරින් එලියට බැහැලා යනවා නම් පොලිස් පොතේ ලියලා නීති වලට යටත් වෙන්න ඕනා... මන්දිරා නම් ඇහැට කණට පේන ගෑල්ලමයෙක් නිසා ඒ නීති කමක් නෑ කිව්වත් වැඩි හරියක් ආරාධනට ඒ නීති වැටුනේ ඒකා ලඟින් ගියත් වෙන එකෙක්ගේ ඇහැක් නැති වෙන නිසා...

ආරාධන අන්තිම පඩි ටික සද්දයක් නැතුව බැස්සා විතරයි කුස්සියේ මේසෙට වෙලා පත්තරේ කියව කියව හිටිය තේජක හොර බළලෙක් වගේ පඩිපෙලේ ගාටන ආරාධන දැකලා හොඳට බලාගෙන හිටියා...

ආරාධනත් තාත්තා දැක්කා විතරයි කොල්ලට ඉහේ මල් පිපෙන්න වගේ.... එයා එලියට යනවා කියලා අතින් තේජකට සංඥාවක් කරලා පැත්තක් ඉදන් මොනාදෝ උය උය හිටිය අම්ම⁣ගේ දිහාට ඇගිල්ල දික් කරලා පෙන්නලා කිව්වේ ඔයාගේ පොලිස් නෝනට කියලා අවසර අරන් දෙන්න කියලා...

පොලිස් නෝනට හොරෙන් ගෙදර ඇතුලේ සන්නිවේදනය කරන්න සද්ද නැති හස්ත සංඥා බාසාව තේජක හොඳටම දන්නවා... මොකද පොඩි එවුන් දෙන්නට ඒ බාසාව කියලා දුන්නෙත් තේජකමයි... ඒත් තේජක නෙමේ තේරැණා කියලා ඇඟෙව්වේවත්... ආරාධන කිව්ව දේ හොඳටම තේරැම් ගත්ත තේජක එහෙම්ම පලු දෙකේ ෆ්‍රිජ් එකක් සයිස් මව්බිම පත්තරේ මුණට ඉස්සරහින් උස්සගත්තේ ආරාධනව දර්ශනය පතයෙන් කපලා දාලා...

You've reached the end of published parts.

⏰ Last updated: Nov 03, 2024 ⏰

Add this story to your Library to get notified about new parts!

ARADANA Where stories live. Discover now