"හැඟීම් කියන ජාතිය වෙනස් වෙනවා...හොඳ කෙනෙක් හම්බෙයි....මගෙ පස්සෙන් එන්නඑපා !!!"
"මොකද්ද..ත..මුසෙ කියන්නෙ..වෙනස් වෙයි...? අවුරුදු තුනක් බල්ලෝ !!! අවුරුදු තුනක්... තොට මාව විහිලුවක්ද ආ..හ්...තෝ බලාපොරොත්තු දුන්නා මට "
කේන්තියටද දුකට කියන්න දන්නැතත් සරදගෙ ඇස් වලින් කදුලු පල්ලම් බහිනව...ඇස් වලට නං අඩල ඇතිවීමක් නෑ කියන්නද මංදා..කදුලු වල නං නැවතීමක් නැ ඉතින්..සරද නහය උඩට ඇදල කම්මුල් වල තිබ්බ කදුලු පිහිදගත්තෙ පිට අල්ලෙන්..
"ඉතින් ඇයි බලාපොරොත්තු තියාගත්තෙ..මං උබට එහෙම කරන්න කිව්වයෑ..දැන් මෙතනින් පලයන්...මල වදයක් ඕයි තමුසෙ "
විචිත්‍ර කිව්වෙ මෙතනින් නොගියොත් උබව මරල දානව වගේ ටෝන් එකකින් වෙද්දි සරද මුකුත් නොකිය නැගිටල යන්න ගියෙ විචිත්‍ර ගාවින් උනුහුම විතරක් තියල
"උට මං ආදරෙ නෑ...ඒක ආදරෙ නෙමේ...just attraction එකක් විතරයි...සරද ලස්සනයි...it's just attraction !!"
විචිත්‍ර ඌට දැනුන ඇත්තම හැඟිම අතේ තිබ්බ නා දල්ලට කිව්වෙ සරද යන දිහා බලන්..තලෙලු පාට හමක් තියන කොල්ලෙක් ඌ..සිරි ලංකන් බ්‍රව්න් ස්කින් එකට සාදාරනයක් කරන්නම වගේ ඌ තලෙලු පාට කොල්ලෙක් !! කැඩෙට් කරලම හම පිච්චිලා ගිහින්....5' 9 ක් වගෙේ ඒකා උසයි...කොටට කපාපු කොන්ඩෙයි හිනාවෙද්දි හීනි වෙලා යන ඇසුයි රතට හුරු දුබුරට තියන තොල් දෙක හීනි කරල හිනාවෙලා චිත්‍රට දාන බැල්ම හරි ලස්සනයි...
විචිත්‍ර ටිකක් පාටට හිටිය එකෙක්...ඌයි සරදයි එක ලඟින් හිටෙව්වම කිරිකෝපි කෝප්පෙයි..හොට් චොක්ලට් කෝප්පෙයි වගේ..ඒ තරන් වෙනසක් තියනවා...ඒත් තලෙලු හම පරයා සරදගෙ තියෙන්නෙ අමුතුම විදියෙ කඩවසම් හිත ඇදිල යන විදියෙ සන්සුන් රූපයක්..*bell ringing*
"මේ මගුල පුදුම ඉක්මනට යනවා !!! "
ඉන්ටවල් එක ඉවර වෙන බෙල් එක වැදුනම විචිත්‍ර උටම මුමුනගත්තෙ අතෙ තිබ්බ නා දල්ල අතින් බිමට වැටෙද්දි...කොහොමහරි ඌ අඩියට දෙකට ක්ලාස් එකට එද්දි ක්ලාස් එකේ රන්දීර් සර්....බොසා උගනන්නෙ ෆිසික්ස්....